Sunday, May 3, 2020

6 පාඩම - ISDN (Integrated Services Digital Network )


නූතන හා සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම

අතීතයේදී මිනුසුන් අතර සන්නිවේදනය සිදු කරනු ලැබූයේ වාචිකව හෝ අංග චලනයෙන් හෝ ලිඛිතව හෝ විවිධ ශබ්ද මගින් විය මේවා අත්යුරු සන්නිවේදන ක්‍රම ලෙස හැදින් විය. නමුත් වර්ථමානය වන විට මිනිසා විවිධ තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන වඩා කාර්ය්‍යක්ෂමව සන්නිවේදනය සිදු කරනු ලබයි.

ඉලෙක්ට්‍රොනික හා පරිගනක පාදක සන්නිවේදන උපක්‍රම

ගුවන් විදුලිය, දුරකථන,රූපවාහිනිය,චන්ද්‍රිකා,GPRS,CDMA,ADSL,ISDN,GSM වැනි සන්නිවේදන ක්‍රම ඔස්සේ වර්ථමානය වන විට සන්නිවේදනය සිදු කරනු ලබයි. මේවා මගින් ඉතා කාර්ය්‍යක්ෂමව සන්නිවේදනය සිදු කල හැකිය.

ISDN (Integrated Services Digital Network )

ISDN ක්‍රමය 1988 දි හඳුන්වා දුන්න.මේක හැඳින්වුවෙ සාමාන්‍ය දුරකථන ජාලය හරහාම හඬ දත්ත සහ වීඩියෝ සම්ප්‍රේෂණ තාක්ෂණයක් විදිහට.අන්තර්ජාලය දියුණුවීමේදි සහ රූපවාහිනී ආයතන වලට මේක වඩාත් ප්‍රයෝජනවත් වුනා.

මේහිදී දුරකථනය සහ හුවමාරු පොල කෙලින්ම රැහැනක් හරහා Digital ආකාරයට සම්බන්ධ වෙන නිසා හඬ ඉතාමක් පැහැදිලියි. ISDN වලදි 128kbps වේගයක් සහිත අන්තර්ජාල සේවාවන් භාවිතා කරන්න පුළුවන් කම තිබුන.එකවර හඬ සහ දත්ත හුවමාරු කල හැකි ක්‍රමයක් මේකෙදි භාවිතා වුන නිසා වඩා ජනප්‍රිය වුනා.


මෙම සේවාව වර්ග දෙකකින් භාවිතා විය.

·         Basic Rate Interface (BRI)
·         Primary Rate Interface (PRI)

Basic Rate Interface (BRI)

BRI යනු අන්තර්ජාලයට සම්බන්ධ වීමට බොහෝ දෙනා භාවිතා කරන ISDN සේවාවයි. ISDN BRI සම්බන්ධතාවයක් සම්මත දුරකථන මාර්ගයක් හරහා 64 kbps B- නාලිකා දෙකක් සහ 16 kbps D- නාලිකාවක් තුලින් දත්ත ගෙනයනු ලබයි. 


 

   

Primary Rate Interface (PRI)

ISDN PRI සේවාව මූලික වශයෙන් භාවිතා කරන්නේ විශාල සන්නිවේදන අවශ්‍යතා ඇති විශාල සංවිධාන විසිනි. ISDN PRI සම්බන්ධතාවයක් අධිවේගී DS1 (හෝ T-1) පරිපථයක් හරහා  64 kbps  වේගයක් සහිත  බී නාලිකා 23 සහ එක් 64 kbps D- නාලිකාවක් (හෝ 23B + D) තුලින් දත්ත ගෙන යනු ලබයි.(23B+D භාවිතා කරනු ලබන්නනේ USA හා ජපානය විසිනි යුරෝපයේදී 30B+D භාවිතා කරයි.)
   
 
නමුත් මේකෙදි වියදම් අධික වුනා.සම්පුර්ණ digital සම්ප්‍රේෂණයක් නිසා දුරකථන සබඳතාවට digital telephone,Digital Modem සහ ‍හුවමාරු පොලෙනුත් වි‍ශේෂ උපකරණ සවිකරන්නට සිදුවුනා.ADSL හඳුන්වා දුන්නට පස්සෙ මේක ක්‍රමයෙන් අභාවයට ගියා.
 


වැදගත්,

ISDN හි අරමුණ වන්නේ සම්පුර්ණයෙන්ම පරිශීලකයින්ට ඒකාබද්ධ ඩිජිටල් සේවා සැපයීමයි. මේ සේවාවන් කාණ්ඩ තුනකට අයත් වේ.

·         Bearer Services - තොරතුරු ඡාල අතර හුවමාරු කිරීමට අදාල සේවාවන් සපයයි (voice, දත්ත සහ වීඩියෝ) එම තොරතුරු වල අන්තර්ගතය හැසිරවීමද සිදු කරයි. මෙමගින් ඡාලය තුල පහත සේවාවන් සිදු කරනු ලබයි circuit –switched, packet – switched, frame – switched or cell – switched

·         Teleservices - ජාලය තුල  දත්තවල අන්තර්ගතය වෙනස් කිරීමට හෝ සැකසීමට ඉඩ ඇත. මෙම සේවාවට telephony, telefax, videotex, telex and teleconferencing. ඇතුලත් වේ.

·         Supplementary Services - Bearer Services සහ Teleservices සඳහා අතිරේක ක්‍රියාකාරීත්වයක් සපයන සේවාවන් ය.
උදාහරණය: - ආපසු හැරවීම, ඇමතුම් රැඳී සිටීම, සහ පණිවිඩ හැසිරවීම.

 
නාලිකා වර්ග(Types of channels)

·         Bearer channels
·         Data channels(Delta)
·         .Hybrid channels

Channel rates

Channel Data
Rate(Kbps)
Bearer (B)
64
Data (D)
16, 64
Hybrid (H)
384, 1536, 1920


Bearer channels (බී නාලිකාව) 64 Kbps අනුපාතයක් සහිතය. එය මූලික පරිශීලක(user) නාලිකාව වන අතර අවශ්‍ය සම්ප්‍රේෂණ වේගය 64 Kbps නොඉක්මවන  ඕනෑම ආකාරයක ඩිජිටල් තොරතුරු පූර්ණ ද්විත්ව(full-duplex) මාදිලියේ ගෙන යා හැකිය.

පරිශීලකයාගේ අවශ්‍යතා අනුව දත්ත නාලිකාවක් (ඩී නාලිකාව) 16 හෝ 64Kbps විය හැකිය. ඩී නාලිකාවේ මූලික කාර්යය වන්නේ බී නාලිකා සඳහා පාලන සංඥා රැගෙන යාමයි (Who is calling,Type of call,Calling what number …etc).

1 comment:

Thank You..