Monday, May 18, 2020

1 පාඩම - දත්ත වල සහ තොරතුරුවල මූලික තැණුම් ඒකකය හා ඒවායේ ගතිලක්ෂණ


දත්ත හැදින්වීම (Introduction to Data)
අපට එදිනෙදා ජීවිතයේදී මූලික අර්ථයක් ලබා දෙන, කිසිදු ආකාරයක සකස් කිරීමකට භාජනය නොකළ කරුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු සකස් කිරීමට මූලික වශයෙන් යොදා ගන්නා අමුද්‍රව්‍ය දත්ත වේ.
 උදා: සමන් පාසල් ශිෂ්‍යයෙකි. මොහු හා සම්බන්ධ දත්ත පිළිබඳව සලකා බලමු.

නම, වයස, ලිපිනය, දුරකථන අංකය, ශ්‍රේණිය, ඇතුළත් වීමේ අංකය, පාසල යන්න සමන් හා සම්බන්ධ දත්ත වේ. සමන් පිළිබඳව කිසියම් තොරතුරක් ලබා ගැනීම සඳහා මෙම දත්ත නිසි ආකාරයට සැකසිය යුතු වේ. එනම් කිසියම් අර්ථයක් ලබා දෙන ආකාරයට එම දත්ත ඉදිරිපත් කළ යුතු වේ.

දත්ත ජීවන චක්‍රය(Life Cycle of Data)

සැකසුමකට ලක් නනොකළ (Row Facts) සංඛ්‍යො, වචන,වර්ණ,ශබ්ද හෝ රූප ආදිය දත්ත ලෙස හැදින්විය හැක. පොදුවේ ගත් කල දත්ත වලටඅර්ථයක් නොමැත.දත්ත ජීවන චක්‍රය තුලින් දත්ත නිර්මාණය ,කළමණාකරණය අවභාවිත දත්ත ඉවත් කරමින් අවභාවිත දත්ත ඉවත් කරමින් දත්ත පවත්වාගෙන යාම මනාව දර්ශණය කරයි.
 

දත්ත නිර්මාණය(Data Cteate)

සැලසුම් කල යුතු කාර්්‍යය සදහා අවශ්‍ය දත්ත පද්ධතිය වෙත ලබා දීම හෝ පද්ධතිය තුල දත්ත නිර්මාණය කර ගිනීම දත්ත නිර්මාණය වේ.

දත්ත කලමණාකරණය(Data Manegement)

ලොරතුරු නිර්මාණය කිරීම සපුරා ලීම සදහා දත්ත සැකසුම් සංවිධානය කිරීමේ හා නඩත්තු කිරීමේ ක්‍රියාවලියයි.

අවබාවිත දත්ත ඉවත් කිරීම(Removel of Obsolete Data)

දත්ත එක් රැස් කරන අවස්ථාවේදී  සැකසුම් ක්‍රියාවලියට අවශ්‍ය නොවන දත්තද එක් රැස් වීමේ අවස්ථාවක් පවතී . එමෙන්ම කල් ඉක්ත් වූ දත්තද සැකසුම් ක්‍රියාවලියෙන් ඉවත් කල යුතුය.
එවැනි දත්ත ඉවත් කොට සැකසුම් ක්‍රියාවලිය සදහා අවශ්‍ය වන දත්ත පමණක් පවත්වා ගැනීම අවබාවිත දත්ත ඉවත් කිරීම නම් වේ.


දත්ත පිහිටන ආකාර

දත්ත එක්රැස් කරන කොට ඒවා ප්‍රදාන වශයෙන් ආකාර 3 කට පවතිනවා.
1. ලිඛිත සටහන් (Text )   
දත්ත රස කරන ප්‍රධාන මාධ්‍යක් වෙන්නේ ලිඛිත සටහන්. ලියන්න හැකි ඕනෑම කෙනෙකුට, දත්ත කොලයක හෝ ජංගම දුරකථනයක සටහන් කර ගන්න පලුවන්. පුද්ගලයෙකුට එදිනෙදා වැදගත් වෙන ,දුරකථන අංක ,ගමන් කළ ස්ථාන, ස්ථාන අතර දුර , බැංකු ගිණුම් අංක සහ තවත් බොහෝ දේවල් ලිඛිත දත්ත ලෙස සලකන්න පලුවන්.තේරුම් ගත නොහැකි අපිළිවෙල සංකේත කිහිපයක් රහස් භාෂාවක දත්තයක් වෙන්න පලුවන්.
දත්ත එකතු කිරීම ගවේෂනයෙන් (observation ) හෝ ප්‍රශ්න ඇසීමෙන් (questioning ) හෝ දත්ත එක්රැස් කරන විශේෂ උපකරණයක සටහන් කර ගන්න පලුවන්.උදාහරනයක් විදියට කොනමනය ,උනකටුව ගන්න පලුවන්. පරිගණකය සොයා පෙර දත්ත කළමනාකරණය කිරීමට file system භාවිතා කලා. එවැන්නක් මුලාශ දත්ත සකස්කර ,ගොණුකර තැබුවෙත ලිඛිත සටහන් ලෙසින්.
ලිඛිත සටහන් පසුව කායික ක්‍රම (manual) හෝ ප්‍රකාශ සලකුණු කියවනය (OMR) ,ප්‍රකාශ අනුලක්‍ෂණ කියවනය (OCR) ආදී ස්වයංක්‍රිය ක්‍රම මගින් පරිගණකයට feed කරන්න පලුවන්

2. ශ්‍රව්‍ය (Audio )  
ශබ්ද තරංග පරිගණකයට සාර්ථකව feed කිරීමත් සමගම දෘශ්‍ය මාධ්‍යයෙන් දත්ත ඇතුලත් කිරීමත් හැකි උනා . මෙහිදී ප්‍රදාන වශයෙන් Digital Camera බාවිතයට ගන්නවා. Digital Camera තුල දත්ත ගබඩා කරන්නේ ද්විමය (Binary) විද්‍යුත් තරංග ආකාරයටමය.සැබවින්ම මෙහිදී වීඩියෝ වක් ,අනුපිලිවලකට ඇති නිශ්චල ඦායාරූප වල එකතුවක් ලෙස සලකන්න පලුවන්. පරිගණකයට තේරුම් ගතහැකි ද්විමය (Binary) මාධ්‍යට පරිවතනයේදී මෙම නිශ්චල  ඦායාරූප ඉතා කුඩා කොටු (pixel) වලට වෙන් කිරීම හෝ දෛශික ගණිතමය සමීකරණ අකාරයට පත් කරනවා. සරළ වෙබ් camera සිට Augmented Reality තාක්ෂණයේදී බාවිතා වෙන අධි සංවේදී සංවේදක (sensors) දක්වා මෙම Digital Camera විකාශය වෙලා තියෙනවා .

දත්ත වල ගති ලක්ෂණ
            1. සැකසීමකට භාජනය කර නොමැත.
            2.
අර්ථවත් නොවේ (දත්ත දැනට පවතින ආකාරයෙන් භාවිතා කරන්නාගේ අරමුණ සම්පුර්ණ කරගත    නොහැක.).
            3.
එකිනෙකට සම්බන්ධ නොවූ කොටස් ආකාරයෙන් පවතී.
            4.
තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ.
            5.
සංවිධානාත්මක ආකාරයට නොමැත (තොරතුරක් ලබා ගැනීමට තවදුරත් දත්ත සවිධානය කල යුතුයි).

1 පාඩම - තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT – Information & Communication Technology) යනු


තොරතුරු සන්නිවේදන තාක්ෂණය සෑදී ඇත්තේ තොරතුරු, සන්නිවේදනය සහ තාක්ෂණය යන ක්ෂේත්‍රයන්ගේ එකතුවෙනි.
තොරතුරු(Information) යනු දත්ත අර්ථවත් ආකාරයට සැකසීමයි.සන්නිවේදනය (Communication) යනු දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ පණිවිඩ හුවමාරුවයි. දුරකථන සංවාදය මේ සඳහා උදාහරණයක් වේ.තාක්ෂණය (Technology) යනු විද්‍යාවේ දියුණුව තුළින් බිහිවී ඇති සියළුම දේය.
එදිනෙදා ජීවිතයේ බොහෝ ක්‍රියාදාමයන් සඳහා තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණයන්හි සංයුග්මනය (එකතු වීම) බොහෝ සෙයින් වැදගත් වේ. උදාහරණ ලෙස උදෑසන ප්‍රවෘත්ති විකාශණය, ඈත රටක සිටින මිතුරෙකුට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැවීම, අන්තර්ජාලය භාවිතයෙන් ශ්‍රව්‍ය / දෘශ්‍ය මාධ්‍ය දුරකථන ඇමතුම් නොමිලයේම ලබාගැනීම සඳහා ද ෆැක්ස් යන්ත්‍රයක් මගින් දෘඩ පිටපතක් අවශ්‍ය ස්ථානයකට සන්නිවේදනය කිරීම මේ අතර වැදගත් සිදුවීම් වේ.
තොරතුරුවල මූලික තැනුම් ඒකකය දත්තයි. දත්ත යනු මොනවාද?
  • අවිධිමත් අර්ථ රහිත සහ අසංවිධිත අංග සමූහයක් දත්ත ලෙස හඳුන්වයි.
  • දත්ත සෑම විටම සැකසීමකට භාජනය නොවූ ඒවාය. එමෙන්ම අර්ථාන්විත බවින්ද අඩුය.
  • දත්ත විවිධාකාරයෙන් පැවතිය හැක. ඇතැම් දත්ත ප්‍රයෝජනවත් වුවත් ඇතැම් දත්ත ප්‍රයෝජනවත් නොවේ.
  • තොරතුරු සකස් කර ගන්නට යොදා ගන්නා අමුද්‍රව්‍ය වෙන්නේද දත්තයි.
  • දත්ත අකුරින් ලියා තැබිය හැක. එමෙන්ම රූපමය ආකාරයෙන්, වීඩියෝ පට හෝ චලන රූප ආකාරයෙන් මෙන්ම ශ්‍රව්‍ය ආකාරයෙන් ද තිබිය හැක.
මෙම දත්තවල ස්වාභාවය (nature of data) මෙසේය.
  • දත්ත එක්රැස් කරගෙන ගබඩා (storage) කළ හැක. දත්ත ගබඩා කර ඇති මාධ්‍යයකින් (storage medium) නැවත ලබාගත හැක.
  • දත්ත සන්නිවේදනය (communicate) කළ හැක.
  • දත්ත සැකසීමට (process) පුළුවන.

පන්තියක සිටින ළමයිගේ විස්තර සටහන් දත්ත සඳහා උදාහරණයකි. මෙහිදී ළමයිගේ විස්තර සටහන් කර තබා ගන්නේ නම, වයස, උපන් දිනය යනාදී වශයෙනි. එහිදී එම නම හෝ වයස හෝ වැනි විස්තරයක් වෙනමම ගත් විට එයින් ඇති ප්‍රයෝජනයක් නැත.
දත්තවල රූපමය ආකාරයට උදාහරණ ලෙස යම් සතෙකුගේ හෝ තැනක හෝ රූපයක් දැක්විය හැක. එවැනි එක් රූපයක් බලා කෙනෙකුට සත්තු යනු කවරහු ද යන්න ගැන හෝ ස්ථානයක් යනු කුමක්ද යන්න ගැන හෝ අවබෝධයක් ලබා ගැනීමට නොහැක.
එමෙන්ම චිත්‍රපටයක සංස්කරණය නොකළ පටයක්ද අයත් වෙන්නේ දත්ත වලටය. ශ්‍රව්‍ය ආකාරයේ දත්තවලට මාධ්‍යවේදියෙකු පටිගත කරගන්නා හඬ පටයක්, ගීත සැකසීමට යොදා ගන්නා විවිධ හඬපට ආදිය දැක්විය හැක