Sunday, July 5, 2020

1 පාඩම - තොරතුරු (Information)


දත්ත අවශ්‍ය ලෙස එනම් ලබන්නාට කිසියම් අර්ථයක් දෙන ආකාරයට සකස් කරගත් විට ඒවා තොරතුරු වේ.

උදා:    රත්නපුර නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය
         
කාලගුණ වාර්ථාව (Weather Report)
        
ගණිතය විෂය සඳහා ලබාගත් ලකුණු වල සාමාන්‍ය අගය

තොරතුරු (Information) භාවිතයෙන් තීරණ ගැනීම හෝ එසේත් නොමැති නම් නිගමන වලට එලඹීමට හැකි වන අතර එසේ නිගමන වලට එලඹීමේදී දත්ත (Data) කිසියම් සකස් කිරීමකට භාජනය කළ යුතු වේ. සකස් නොකරන දත්ත මගින් නිවැරදි නිගමන වලට එලඹීම ඉතාම අසීරු කාරයයකි.

තොරතුරු වල ගති ලක්ෂණ

01. අර්ථවත් වේ.
02.
විශ්මය දනවන සුළුය.
03.
පෙර දැනුම නවීකරණය කරයි.
04.
අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
05.
කාලීනයි.
06.
තීරණ ගැනීමට උපකාරී වේ.
07.
අදාල කාර්යය සඳහා උචිත/ අදාල විය යුතුයි.
08.
අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් විය යුතුයි.
09.
නිවැරදි විය යුතුයි.
10.
තොරතුරු සැකසීම සඳහා දත්ත ලබා ගන්නා ප්‍රභවය (Source) විශ්වාසවන්ත විය යුතුයි.
11.
අවශ්‍ය කාර්යය සඳහා නිවැරදි වේලාවට සැකසිය යුතුයි.
12.
නිශ්චිත වටිනාකමකින් යුක්ත විය යුතුයි.

අර්ථවත් වේ

 තොරතුරක් දත්තයකින් වෙනස් වන ප්‍රධාන සාධකය එය අදාල පාර්ශවය අර්ථ දක්වා වෙනත් තොරතුරක් හෝ දැනුම උකහා ගත හැකි වීමයි. උදාහරණයක් ලෙස රෝගියකුට  රෝග ලක්ෂණ (facts ,data) මත පදනම්ව තමන් විසින්ම රෝග වින්ශ්වය කර නිගමනයකට එලබීමට  අනුමත නොකරයි. සුදුසු වෛද්‍යවරෙක් මෙම ලක්ෂණ මගින් වලදී ඇත රෝගය පිළිබද කිසියම් නිගමනයකට (information) එලබීමට හැකියාව ඇත.

 පෙර දැනුම නවීකරනය කරයි.

 කුඩා අවදියේ පටන් විවිධ  දේ ප්‍රගුණ  කිරීමෙන් නිර්මාණය වන හැකියාව  හා විධිමත අධ්‍යාපනයකදී විවිධ න්‍යායත්මක කරුණු අර්ථ ගැන්වීමේදී  ලබන අවබෝධය  දැනුමට මුලික අඩිතාලම සපයයි.නමුත් අප දෛනිකව පරිසරයෙන් උකහාගන්නා තොරතුරු මගින්  ,යමක් පිළිබද අවබෝධය ,අරුත්ගන්විම වෙනස් කරන අතර එය අපගේ දැනුම නවීකරණය කරයි

 අන්තර් සන්නිවේදන මාධ්‍යකි.- 

අරුත්ගන්වා වඩාත් සුදුසු තීරණ ගැනීමට දත්ත රාශියකට සාපේක්ෂව තොරතුරු  ස්ථිර වශයෙන් මග පාදයි

කාලින වන අතර තීරණ ගැනීමට උපකාරී වේ.-

 කිසියම් වස්තුවකට අදාළ කරුණු (facts)බොහෝ දුරට නොවෙස් වන නමුත් අප උකහා ගන්න හෝ   වෙනත් මර්ගයන් මගින් ලැබෙන තොරතුර කාලීනව වෙනස් වීමට බොහෝ දුරට අවස්ථාව ඇත. උදාහරණයක් ලෙස ඔබ දිගුකාලින  භාණ්ඩයක් මිලදී ගැනීමේදී එම භාණ්ඩය නිරීක්ෂණය කර ලබා ගන්න කරුණු වලට පමණක් සිමා  නොවේ.මිට ඉහතදී භාවිතා කල මිතුරන්ගෙන් ඇසීම ,ගුණදොස් විවේචනය (product review) පිරික්සිම ආදී

 තොරතුරු වල අදාළත්වය (Relevance of Information)

යම් කාර්යයක් සාර්ථකව ඉටුකිරීම සඳහා එම කාර්යයට ගැලපෙන අදාළ තොරතුරු තිබිය යුතුවේ. උදාහරණයක් ලෙස සංඛ්‍යාවක වර්ග මූලය දශම ස්ථාන හතරකට සෙවීම සාමාන්‍ය පුද්ගලයෙකුට අවශ්‍ය නොවුනද එය විද්‍යාඥයෙකුට වැදගත්වේ. එනම් තොරතුරු වල අදාළත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

තොරතුරු වල ගුණාත්මක බව (Quality of Information)

තොරතුරු වල ගුණාත්මක භාවය ඒවායෙහි,

1.  
ප්‍රමාණවත් බව (Sufficiency)
2.
විශ්වාසනීයත්වය (Reliability)
3.
කාලීන බව (Timeliness)
4.
සම්පූර්ණ බව (Completeness)
5.
නිවැරදි බව (Accuracy)
යන සාධක මත රඳා පවතියි. එනම් යම් කාර්යයක් සඳහා සැකසූ තොරතුරු එම කාර්යය සඳහා ප්‍රමාණවත් විය යුතුවේ.
එම තොරතුරු ලබා ගෙන ඇති මූලාශ්‍රය (Source) විශ්වාසවන්ත වීමෙන් තොරතුරු සැකසූ පසුව ඒවා භාවිතා කරන්නාටද ඒ පිළිබඳව විශ්වාසනීයත්වයක් ඇතිවේ. ගුණාත්මක තොරතුරු භාවිතා කරන්නාට පහසුවෙන් අවබෝධ විය යුතු මෙන්ම පහසුවෙන් තේරුම්ගත හැකිවිය යුතුවේ. තොරතුරු අදාල පුද්ගලයාට පහසුවෙන් ලඟාවිය යුතුවේ. ගුණාත්මක තොරතුරක තවත් අංගයක් වන්නේ කාලීන බවයි. එනම් අතීතයේදී වැදගත් වූ තොරතුරක් වර්තමානය වනවිට එහි වටිනාකමක් නොවීමට පුළුවන. එහෙත් යම් දවසක එහි වටිනාකම නැවත දැනෙනු ඇත. ගුණාත්මක හොරතුරු සම්පූර්ණ (Completeness) විය යුතුවේ.

තොරතුරු වල වියුක්ත ආකෘතිය (The abstract model of Information)
 

දත්ත හා තොරතුරු කොහොමද ප්‍රයෝගික ජීවිතේදි ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නෙ .පරිගණක පද්ධතියක් කියන්නෙ දෘඩාංග හා මෘදුකාංග වලින් සමන්විත පද්ධතියක්. නමුත් පරිගණක පද්ධතියක් (Computer System) අපිට වැදගත් වෙන්නෙ අපිට අදාල වෙන දත්ත (Data) ඒකට ඇතුලත් කරලා අපෙන් ලැබෙන උපදෙස් (Instructions) මත යම් ක්‍රියවලියක් එහෙමත් නැත්නම් සැකසුමක් (Process) සිදුවෙලා අපි බලාපොරොත්තු වෙන විදියේ ප්‍රතිදානයක් (Output) ලැබුනොත් විතරයි.ඉහත තියන රුපයට අනුව පරිගණක පද්ධතියකට දත්ත (data) අදානය (input) කල යුතු වෙනවා. නමුත් පරිගණකයකට ඒකට ඕනෙ විදියට මේ ඇතුලත් කල දත්ත සැකසුම් (process) කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා අපි දත්ත සැකසුම් කරන්න ඕනෙ වෙන උපදෙස් (instructions) ඒකට මුලින්ම ලබා දීල තියෙන්න ඕනෙ. අන්න ඒ උපදෙස් (instructions) ගබඩා (Store) කරල තියන්න තමයි රුපයේ තියන විදියට දත්ත ගබඩාව  (Storage) කියල එකක් පරිගණක පද්ධතිය අතුලෙ තියෙන්නෙ. ඉතින් අපි මේ විදියට දත්ත (data) අතුලත් කලාම අපි ලබා දීල තියෙන උපදෙස් (instructions) අනුව පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඒ දත්ත ප්‍රයෝජනවත්ව යොද ගන්න පුලුවන් විදියට අර්ථවත් සැකසුමකට (process) භාජනය කරනව. ඊට පස්සෙ ඒ සැකසූ දත්ත එහෙමත් නැත්නන් තොරතුරු (information) අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදියට පරිගණක පද්ධතිය ප්‍රතිදානය (output) කරනවා.

තොරතුරු වල වටිනාකම (Value)

තොරතුරු වල වටිනාකම එහි අදාළත්වය මත රඳා පවතියි. තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ඒවා ලැබෙන මොහොතේම එයට වැඩි වටිනාකමක් ඇත. කාලය ශුන්‍ය ආසන්න වන අවස්ථාවේ දී තොරතුරු වල වටිනාකම උපරිම වේ. කාලය ගත වීමත් සමගම තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩුවී අවසානයේදී ඒවා දත්ත බවට නැවත පත්වේ.

තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය (The Golden rule of Information)

 
 


තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ඒවා ලැබෙන මොහොතේම එයට වැඩි වටිනාකමක් ඇත. කාලය ශුන්‍ය ආසන්න වන අවස්ථාවේ දී තොරතුරු වල වටිනාකම උපරිම වේ. කාලය ගත වීමත් සමගම තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩුවී අවසානයේදී ඒවා දත්ත බවට නැවත පත්වේ. මෙය තොරතුරු පිළිබඳව ස්වර්ණමය න්‍යාය (The Golden rule of Information) ලෙස හැඳින්වේ.



No comments:

Post a Comment

Thank You..