Thursday, May 14, 2020

8 පාඩම - දත්ත කලමනාකරණ පද්ධතියක තිබිය යුතු ලක්ෂණ



1.       සාපේක්ෂ දත්ත ගබඩාවේ දත්ත, වගු තුල, පේළි තුල තීරු තුල අගයන් දැක්විය යුතුය.
2.       දෛනික දත්ත අගයයන් සහ දත්ත වර්ගයෙන් ස්වාධීන ක්රමවත්ව ආකාරයෙන්  ඇතුලත් කිරීමට පහසුකම් තිබිය යුතුය.
3.       ඇතුලත්කල දත්ත යාවත්කාලීන කිරීමේ පහසුකම් පැවතිය යුතුය.
4.       දත්ත දත්ත හසුරුවීම, බාධක යෙදීම සදහා පහසුකම් පැවතිය යුතුය.
5.       දත්ත මකා දැමීම සදහා පහසුකම් තිබිය යුතුය යුතුය.
6.       දත්ත වල ආරක්ෂාව සදහා පහසුකම් තිබිය යුතුය.

දත්ත සම්බන්ධයකින් අත්වන වාසි

01.පුනරුක්තිය (Redundancy) අවම කර ගත හැකි වීම.
02. කාර්්‍යක්ෂමතාව(efficency) වැඩි කර ගත හැක.
03.අසංගතතාව(inconsistency) මග හරවා ගත හැකිවීම
04.දත්ත හවුලේ බාවිතා කළ හැකි(share) වීම
05.ප්‍රමිතීන්(standerd) බලාත්මක කල හැකි වීම.
06.ආරක්ෂාව (security) සදහා සීමාවන් යෙදවීමට හැකි වීම.
07.සම්පූර්නත්වය (intergrity) ආරක්ෂා කර ගත හැකි වීම.

පුනරුක්තිය (Redundancy)
පුනරුක්තිය නිසා ආචයන ඉඩකඩ අපතේ යයි.
පුනරුක්තිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකි බවක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කල යුතු බවක් මෙයින් ප්‍රකාශ නොවේ.
පුනරුක්තිය නිසා  කාර්්‍යක්ෂමතාව(efficency) අඩු වේ.
උදා හරණයක් ලෙස-
වගුවක ප්‍රාථමික යතුරක් වෙනත් වගුවක ආගන්තුක යතුරක් ලෙස බාවිතා වන අවස්ථාවකදී එකම දත්තය අනුපිටපත් කිරීම සිදු වේ. එහි අනු පිටපත් කිරීම වලක්වාලිය නොහැක. එහිදී පුනරුක්තිය පිලිබද ගැටළුවක් පැන නොනගී.එම අනුපිටපත් වීම සිදු නොවුනහොත් වගු දෙක අතර සම්බන්ධයක් ඇති වීම සිදු නොවේ.
අසංගතතාව(inconsistency)
පුනරුක්තියේ ප්‍රථිඵලයකි. මෙම තත්වය ඇතිවීමට කරුණු 02ක් බලපායි.
01.දත්ත අනු පිටපත්වීම
02.දත්ත යාවත්කාලීන කිරිමේදී අනුපිටපත් වූ සියළු දත්ත යාවත් කාලීන නොවීම.
උදා හරණයක් ලෙස-
පාසලක සිසුන් ඇතුලත් කර ගැනීමේ ලේඛණය සහ දිනපතා පැමිණීමේ ලේඛණය සලකා බලන්න. එම ලේඛණ 02හිම සිසුවාගේ නම අඩංගු වේ . යම් හෙයකින් සිසුවාගේ නම වෙනස් වූවායයි සිතන්න එවිට සිසුන් ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ නම වෙනස් කලේ යැයි සිතමු  එවිට සිසුවාගේ නම පිළිබධ  අසංගතතාවක් ඇති වේ. ඔහුගේ හෝ ඇයගේ අස්වීමේ සහතිකය නිකුත් කිරීමේදී  සිසුන් ඇතුලත් කිරීමේ ලේඛණයේ නම බාවිතා නලහොත් එය නිරවද්‍ය නොවේ.
දත්ත හවුලේ බාවිතා කිරීම(share)
එක් වරක් සකස් කල දත්ත සමුදායක දත්ත බාවිතා කරමින් අලුත් යෙදවුම් (aplication) සකස් කල හැකිය. මෙහිදී යෙදහුම් අතර දත්ත හවුලේ ඉාවිතා වීම සිදු වේ.
ආරක්ෂාව (security)
ප්‍රෙව්ශ වීමේ මාර්ග පාලනය. විවිධ වර්ගයේ පරිශීලනයන්ට(retieve,modify,update,delete , etc…) වෙනස් හිමිකම් යෙදීම. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක තිබිය යුතු අනිවාර්්‍යය අංගයකි.

No comments:

Post a Comment

Thank You..