සංඥා සම්ප්‍රෙෂණ මාධ්‍ය වල ගුණ
ගුප්තතාව / පමාව ( Latency)
ස්ථාන 2ක් අකර දත්ත සන්නිවේදනයට ගත වන කාලය ගුප්ත තාවයි. ගුප්ත තාවය මිලි
තත්පර වලින් ගණනය කරනු ලබයි.
ගුප්තතාව පමාව ලෙසද හඳුන්වනු ලැබෙයි. පහත සමීකරණයෙන් මනිනු ලබයි.
ගුප්තතාව = ප්‍රචාරණ පමාව + පෙළ
බිඳ වැටීමෙ පමාව + සම්ප්‍රෙෂණ පමාව
Latency = Propagation Delay + Queueing
Delay + Transmission Delay
ප්‍රචාරණ පමාව (pagation Delay)
පළමු බිටුව යවන්නාගේ සිට ග්‍රාහකයේ අවසානය දක්වා ගමන් කිරීමට ගතවන කාලය.
වෙනත් වචන වලින් කිවහොත්, එය ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තයට ලඟා වීමට
ගතවන කාලයයි. ප්‍රචාරණ ප්‍රමාදය රඳා පවතින සාධක වන්නේ දුර සහ ප්‍රචාරණ වේගයයි
ප්‍රචාරණ පමාව (Propagation delay) = දුර(distance)/ප්‍රචාරණ වේගය(transmission speed ) = d/s
සම්ප්‍රෙෂණ පමාව (Transmission Delay)
පැකට්ටුවක් සබැඳියට
දැමීමට ගතවන කාලය. වෙනත් වචන වලින් කිවහොත්, කම්බි / සන්නිවේදන මාධ්‍යයට
දත්ත බිටු දැමීමට කාලය අවශ්‍ය වේ. එය පැකට්ටුවේ දිග සහ ජාලයේ කලාප පළල මත රඳා
පවතී.
සම්ප්‍රෙෂණ පමාව (Transmission Delay) = දත්තයෙහි විශාලත්වය(Data size) / කළාප පළල(bandwidth) = (L/B) second
පෙළ බිඳ වැටීමෙ පමාව (Queueing Delay)
පෙළ බිඳ වැටීමෙ පමාව යනු දත්ත පැකට්ටුවක් ක්‍රියාත්මක වන තෙක්
පෝලිමේ රැඳී සිටින කාලයයි. එය තදබදය මත රඳා පවතී. එය පැකට්ටුව ගමනාන්තයට පැමිණි
වේලාව සහ පැකට් දත්ත සැකසූ හෝ ක්‍රියාත්මක කළ කාලය අතර වෙනස වේ.
කළාප පළල(Band width)
Digital
Signal එකක ඒකක කාලයකදී සම්ප්‍රේශනය
කරන්න පුලුවන් bit ගානට තමයි කලාප පළල කියල කියන්නෙ. අපි මේක
තත්පරයට බිටු (bps) , තත්පරයට කිලෝ බිටු (kbps) , තතොඅරයට මෙගා බිටු (Mbps) , Gbps වලින් මනිනු ලබනවා. Analog Signal එකකදී නම් සම්ප්‍රේශනය කරන්න පුලුවන් සංඛ්‍යාත
පරාසය තමයි කලාප පළල වෙන්නෙ. අපි මේකෙදි කළාප පළල මනින්න Hz පාවිච්චි කරනව.
ඝෝෂාව(Noise)
සම්ප්‍රෙෂණය වන සංඥාවක් සමග තවත් බාහිර
සංඥාවක් ඒකතු වීමෙන් f>daෂාව ඇති වේ. සම්ප්‍රේෂණ අන්තයේ සිට යවන
සංඥාවකට ඝෝෂාව එක් වූ විට ග්‍රාහක අන්තයට ලැබෙන්නේ පිරිසිදු සංඥාවක් නොවේ. ඝෝෂා වර්ග කිහිපයක් දක්නට ලැබේ.
·
තාපජ ඝෝෂාව(Thermal
noise)
·
ප්‍රෙරණ ඝෝෂාව(Induce
Noise)
·
වචන හුවමාරු ඝෝෂාව(Cross
talk Noise)
·
ජවන/ආවේගය(Impulse Noise)
තාපය නිසා හට ගන්නා ඝෝෂාව (thermal noise)
ලෝහ මාධ්‍යක් ඔස්සේ තරංගයක් ගමන් කිරීමේදී
ලෝහයේ ඇති ඉලෙක්ට්‍රෝන කැලඹීමකට ලක්වී තාපයක් හට ගනී. එනිසා ඝෝෂාකාරී තරංගයක්
අතිරේක ලෙස නිර්මාණය වී ලෝහ මාධ්‍ය ඔස්සේ ගමන් කරන ප්‍රධාන තරංගය හා මිශ්‍ර වේ.
ප්‍රේරිත ඝෝෂාව (Induced Noise)
කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන තරංගයක් අසල
ඇති ඝෝෂාකාරී උපකරණ මඟින් (උ. දා. මෝටර්) උත්පාදනය වන ඝෝෂාකාරී තරංග හා මිශ්‍ර
වීමෙන් ප්‍රේරිත ඝෝෂාව ඇති වේ.
හරස් කතා ඝෝෂා (Cross-talk)
වයර් දෙකක් එක මත එකක් ගොස් ඇති විට (cross වී ඇති විට) කේබල දෙක ඔස්සේ ගමන් කරන තරංග දෙක එකිනෙක මිශ්‍ර විය හැක.
මෙහිදී එක් කේබලයක් සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස ක්‍රියා කරන අතර අනෙක් කේබලය ග්‍රාහක
මාධ්‍ය ලෙස ක්‍රියා කරයි. වයර නිසි ලෙස ආවරණය නොකර ඇති විට හෝ ආවරණවලට හානි වී ඇති
විට මෙසේ වේ.
ආවේශ ඝෝෂා (Impulse noise)
කිසියම් සම්ප්‍රේෂණ
මාධ්‍යක් ඔස්සේ ගමන් කරන තරංගයකට කරන්ට් වයර් එකක් මඟින් හෝ විදුලි කෙටීමක් මඟින්
ඇතිවන විද්‍යුත් චුම්භක ධාරා මිශ්‍ර වීමෙන් නිපදවෙන ඝෝෂාව impulse noiseලෙස හැඳින්වේ.
බලහීන වීම / බලක්ෂයය
/වැහැරීම/හායනය (Attenuation)
සංඥාවක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කිරීමේදී එහි
ශක්තිය හීන වේ. සම්ප්‍රේෂණ දුර වැඩි වන්නේද සංඥාවේ ශක්තිය වැඩියෙන් හීන වී යයි.
මෙය රැහැන් සහිත සහ රැහැන් රහිත මාධ්‍ය දෙකටම පොදු ස්වාභාවයකි. මෙහි ශක්තිය යනුවෙන්
අදහස් කරන්නේ තරංගයේ ආයාමය (උස) තරංගය පුරා ඒකාකාරී ස්වාභාවයෙන් අඩු වීමයි.
ඉහත උදාහරණයේ පරිදි මුල් සංඥාව සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ point 1 සිට point 2 දක්වා ගමන් කිරීමේදී
එහි උස අඩු වී ඇති බව ඔබට පෙනී යයි. එහෙත් තරංගයේ
හැඩයට බලපෑමක් වී නොමැත.තරංගය මේ ආකාරයෙන් තව දුරටත් සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ
යැවුවොත් එහි ශක්තිය දිගින් දිගටම හීන වී තරංගය සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැක.
එනිසා එලෙස තරංගයක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ විනාශ නොවී ගමන් කල හැකි උපරිම දුර
සොයාගෙන එම දුර අනුව රිපීටර්ස් ස්ථාපනය කල යුතු වේ. රිපීටර් එකක් යනු ශක්තිය හීන
වූ තරංගයේ ශකතිය වර්ධනය (amplify) කර නැවතත් තරංගය යථා තත්ත්වයට පත් කර දෙන උපකරණයක් වේ.
සම්ප්‍රේෂණ මාධ්‍ය අනුව ශක්තිය හීන වීමේ ශීඝ්‍රතාවය වෙනස් වේ.
උදා. Thin coaxial cable එකක
තරංගයක් විනාශ නොවී ගමන් කල හැකි උපරිම දුර මීටර 185කි. එසේ නම් A සිට B සම්ප්‍රේෂණ දුර අනුව මීටර
185න් 185ට රිපීටර්ස් ස්ථාපනය කල යුතු වේ.
Thick
coaxial cable හි සම්ප්‍රේෂණ දුර - මීටර 500
Twisted
pair (Network cables) හි සම්ප්‍රේෂණ දුර - මීටර 100
Fiber
optics හි සම්ප්‍රේෂණ දුර - කිලෝ මීටර 100යි.
ඒ අනුව රැහැන් සහිත මාධ්‍යයක් ඔස්සේ දිගු දුර දත්ත සම්ප්‍රේෂණයට වඩාත් උචිත
වන්නේ Fiber optic කේබල වේ.
රැහැන් රහිත මාධ්‍ය ඔස්සේ තරංගයක් ගමන් කිරීමේදී දුර ප්‍රමාණය මෙන්ම පහත
සඳහන් සාධකද තරංගයේ ශක්තිය හීන වීම සඳහා බලපායි.
- තරංග පරාවර්තනය
- තරංග වර්තනය (තරංගයක් එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යකට ගමන් කිරීමේදී. උ. දා. වායුගෝලයේ සිට ජලයට)
- තරංග විවර්තනය (“තරංග ගමන් ගන්නා මාර්ගයේ බාධක නිසා ඇතිවන තරංග නැවීම් ආශ්‍රීතව සිදුවන විවිධ සංසිද්ධීන් විවර්තනය ලෙස හැඳින්වේ”)
- තරංග අවසෝෂණය (වායුගෝලයේ ජල වාෂ්ප සහ මීදුම අධික වීම නිසා)
Signal Distortion - සංඥා විකෘතිය
සංඥා විකෘති වර්ග ප්‍රධාන වශයෙන් තුනක් දක්නට ලැබේ.
- Amplitude distortion/ ආයාම විකෘතිය
- Frequency distortion/ සංඛ්‍යාත විකෘතිය
- Phase distortion/ කලා විකෘතිය
Amplitude
distortion
මෙහිදී තරංගයේ තරංග ආයාමය තැනින් තැන වෙනස් වී තිබෙනු
දක්නට ලැබේ. තරංග හායනයේදී තරංග ආයාමය මුළු තරංගය මුළුල්ලේ ඒකාකාරී ලෙස අඩු වුවත්
මෙහිදී තරංග ආයාමය වෙනස් වී ඇත්තේ තරංගයේ තැනින් තැන වේ. එනිසා තරංගයේ මුල් හැඩය
වෙනස් වේ.
පහත රූපයේ දැක්වෙන පරිදි නිල් පැහැයෙන් පෙන්වන්නේ සම්ප්‍රේෂණ
අන්තයේ තරංගය වන අතර රතු පැහැයෙන් පෙන්වන්නේ ග්‍රහණය කරගත් තරංගය වේ. රතු පැහැ
තරංගයේ යම් යම් කොටස්වල පමණක් නිල් පැහැ තරංගයට වඩා ආයාමය වෙනස් වී ඇත.
Frequency
distortion
මෙහිදී මුල් තරංගයේ තරංග සංඛ්‍යාතය ග්‍රාහක අන්තයේදී තැනින් තැන වෙනස් වී
තිබෙනු දක්නට ලැබේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වීමකට භාජනය වේ.
Phase
distortion
මෙහිදී මුල් තරංගයේ තරංග මුහුණත ග්‍රාහක අන්තයේදී තැනින් තැන වෙනස් වී
තිබෙනු දක්නට ලැබේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වීමකට භාජනය වේ.
No comments:
Post a Comment
Thank You..