Sunday, May 3, 2020

6 පාඩම - FDMA, TDMA සහ CDMA ,GPRS තාක්ෂණ


FDMA, TDMA සහ CDMA තාක්ෂණ

මෙම තාක්ෂණ තුන අතුරින් පැරණිම තාක්ෂණය තමයි FDMA (Frequency Division Multiple Access) කියන තාක්ෂණය.එහිදී කිසියම් සංඛයාත පරාසයක් කුඩා නාලිකාවලට බෙදීමක් සිදුවන අතර සෑම නාලිකාවකටම නිශ්චිත සංඛයාතයක් පවතින අතර එබැවින් FDMA තාක්ෂණයේදී භාවිතාවන සෑම දුරකථනයක් සදහාම වෙනමම සංඛ්‍යාතයකින් යුතු නාලිකාවක් යොදා ගැනේ.මෙය ගුවන් විදුලි නාලිකාවල දත්ත සම්ප්‍රේශණ ක්‍රියාවට සමානය.FDMA තාක්ෂණය යොදා ගැනෙනුයේ ඇනලොග් තාක්ෂණයෙන් යුතු පද්දති සදහාය.

FDMA තාක්ෂණයට වඩා දියුණු TDMA (Time Division Multiple Access) තාක්ෂණය කාලය පදනම් කරගත් තාක්ෂණයකි.එහිදී සිදු වන්නේ 30KHz සංඛ්‍යාත පළලකින් සහ මිලි තත්පර 6.7 ක දිගින් යුතු නාලිකාවක් නැවත කාලය අනුව කොටස් තුනකට බෙදීමයි.මේ අනුව මෙවැනි එක් නාලිකාවක් දුරකථන තුනක් සදහා වෙන් කරන්න පුළුවන්.එවිට එක් දුරකථනයක් සදහා ලැබෙන්නෙ කාලයෙන් තුනෙන් පංගුවක් පමණි.නමුත් මෙය පරිශීලකයාට නොදැනෙන්නෙ TDMA තාක්ෂණ‍යෙදී දත්ත සම්ප්‍රෙශණය වන්නේ ඩිජිටල් ආකාරයෙන් වන බැවිනි.එහිදී දුරකථනයක් හුවමාරු කරනු ලබන දත්ත හැකිළුමකට ලක්වන අතර මෙවැනි හැකිළුම් එකක් එක් වරකට හුවමාරු වීමට ගතවන කාලය මැනිය නොහැකි තරම් තුඩා කාලයක් වේ.මෙම හේතුව නිසා දුරකථන තුනෙහිම පරිශීලකයන් සිටියත් මවුන්ට කාල පමාව නොදැනෙනේ.

CDMA (Code Division Multiple Access) තාක්ෂණය ලොව පුරා මිලියන 70 කට අධික පිරිසකගේ සන්නිවේදන අවශ්‍යතා සපුරණ තාක්ෂණයක් බවට අද පත්ව තිබේ.ශ්‍රී ලංකාවේද CDMA දුරකථන බොහෝ සෙයින් ජනප්‍රියව පවතී.ලොකයේ මුල් වරට CDMA තාක්ෂණය භාවිතා කරන ලද්දේ 1955 දී වන අතර මෙය අද වන විට 3G දුරකථන මෙන්ම ඉහතින් සදහන් කල අන්දමට රැහැන් රහිත දුරකථන වලද භාවිතා වන තාක්ෂණයක් බවට පත්ව තිබේ.CDMA තාක්ෂණය කේතයන් මුල් කොට ගනිමින් ක්‍රියාත්මක වන අතර මෙහිදී එක් දුරකථනයකට වෙන්වූ නාලිකා නැත.එක් සංඥාවක් මුළු සංඛයාත පරාසය ඔස්සේම ගමන් කරන බැවින් TDMA තාක්ෂණයේදී ඇතිවන සුළු පමාවද ඇති නොවේ.ඊට අමතරව TDMA තාක්ෂණයේ දී එක් නාලිකාවක යොදා ගැනෙන ඉඩකඩ හා සමාන ඉඩකඩක CDMA තාක්ෂණයේදී දුරකථන ඇමතුම් 9 – 10 අතර ප්‍රමාණයකට ඉඩ කඩ ඇත මෙම හේතූන් නිසා FDMA සහ TDMA වලට වඩා ඉදිරියෙන් සිටීමට CDMA තාක්ෂණයට හැකිවී තිබේ.


GPRS-(General Packet Radio System)


ජෙනරල් පැකට් රේඩියෝ පද්ධතිය (GPRS) ලෙසද හැඳින්වේ. 2001 වසරේදී හදුන්වා දෙන ලදී. ඡංගම දුරකථන භාවිතයෙන් අන්තර්ඡාලය වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහිතය. කාල-බෙදීම් බහු ප්‍රවේශ (Time-Division Multiple Access-TDMA) පරිශීලකයින්ට පවා මෙම පද්ධතියෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ එය පැකට් රේඩියෝ ප්‍රවේශය සපයන බැවිනි. GPRS ,
·         රැහැන් රහිත සම්ප්‍රෙෂණ මාධ්‍යයකි.
·         ඡාලයට සම්බන්ධ කාලයට නොව භාවිතා කරන දත්ත ප්‍රමාණයට ගාස්තු අය කෙරෙයි.

GSM(Global System for Mobile)

ජංගම දුරකථන සදහා යොදා ගන්නා සම්ප්‍රෙෂණ තාක්ෂණය වේ. හඩ , වීඩියෝ , දත්ත සම්ප්‍රෙෂණ හැකියාව සහිතය. රැහැන් රහිතව සන්නිවේදනය සිදු කරයි.ජාලය තුලදී  සිම්කාඩ් පතක් ආධාරයෙන්  දත්ත යවන්නා සහ ග්‍රාහකයා හදුනා ගනී. ඩිජිටල් මොඩියුලේෂන් භාවිතා කරමින් දත්ත බෙදා හැරීම සිදු කරයි. දත්ත යැවීමේදී චැනලයන් කිහිපයක් භාවිතා කරයි.
 

No comments:

Post a Comment

Thank You..