Sunday, May 3, 2020

8 පාඩම - දත්ත සමුදාය පද්ධති බිහි වීම-ඉතිහාසය

දත්ත කාර්යක්ෂම හා ඵලදායී ලෙස කලමණාකරණය කිරීම සදහා දත්ත සමුදාය පද්ධති(DataBase Systems)) සැලසුම් කරීම 




ඉතිහාසය 

පරිගණක වල මතක ධාරිතාවය සහ සැකසුම් හැකියාව වර්ධනය වීමත් සමග වැඩිපුර දත්ත ගබඩා කර තබා ගැනීමට පෙළබිම නිසාවෙන් ඒවා කලමනාකරණය කර ගැනීම කල්යත්ම අපහසු වන්නට විය. මෙම අපහසුතා මගහරවා ගැනීමට දත්ත කලමනාකරණ මෘදුකාංග බිහිවන්නට විය. එහිදී දත්ත යම් කිසි සම්මත ආකාරයකට පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෘදුකාංග නිෂ්පාදකයන්ට තදින්ම දැනෙන්නට වූ අතර ප්‍රමුඛ පෙලේ සමාගම් කිහිපයක් පමණක් මේ සඳහා සිය පර්යේෂණ කටයුතු මෙහෙයවිය. IBM යනු ඉන් ප්‍රමුඛතම සමාගම යැයි හැදින්විය හැක්කේ එය  දත්ත සමුදාය යන සංකල්පය වර්ධනය කිරීමට  දැරූ විශිෂ්ඨ කැපකිරීම නිසාවෙනි.

දත්ත සමුදාය යන්නෙහි ඉංග්‍රීසි යෙදුම වන Database යන්න පළමු වරට භාවිතා වූයේ 1962 වසරේ කැලිෆෝනියාවේ System Development ආයතනය විසිනි. ඉන්පසු 1960 දශකයේ අග භාගයෙහි චාල්ස් බැච්මන් විසින් Integrated Data Store (IDS) නම් මෘදුකාංගය හඳුන්වාදීමෙන් අනතුරුව IBM ආයතනය විසින් හඳුන්වා දුන් IMS නම් දත්ත සමුදාය කලමනාකරණ පද්ධතිය එකල ජනප්‍රියතම විසඳුම බවට පත් විය.ඉහත සඳහන් කල පද්ධති ජාලකරණ සහ අනුක්‍රමණ ආකෘතීන් (network model & Hierarchical Model)  භාවිතයෙන් නිපදවන ලද්දේ වෙයි.

Database වල ප්‍රමුඛතම වෙනසක් ඇති කල යුගයක් ලෙස 1970 සහ ඉන් පසු සමය හැඳින්විය හැකිය. ඊට ප්‍රභලතම සාධකය වන්නේ 1970 දී එඩ්ගාර් ෆ්‍රෑන්ක් කොඩ් විසින් ලොවට හඳුන්වා දුන් සම්බන්ධික දත්ත සමුදාය සංකල්පයයි (Relational Database Concept). එහි සාර්ථකත්වයේ තරම කියාපාන හොඳම සාධකය වන්නේ තවමත් එය මගහැරීමට තරම් සාර්ථක සංකල්පයක් බිහි නොවීමයි. බිහි වුවද  සම්බන්ධික දත්ත සමුදාය සංකල්පය සමග එකතු කර ඉදිරිපත් නොකලේ වී නම් වහා වෙලඳපොලෙන් ඉවත්වීම සහ අවධානය යොමු නොවීම පැහැදිලිව දැක ගත හැකි සිදුවීමකි.


 
ඉන්පසුව විවිධ මාදිලියේ සංකල්ප ‍රැසක් ලොවට දායක විය. වස්තු පාදක දත්ත සමුදාය සංකල්පය (Object Based Database Concept) , XML පාදක දත්ත සමුදාය සංකල්පය (XML Based Database Concept) සහ වස්තු සම්බන්ධිත දත්ත සමුදාය සංකල්පය  (Object Relational Based Database Concept)  යනු ඊට උදාහරණ කීපයකි.  

No comments:

Post a Comment

Thank You..