Sunday, May 3, 2020

6 පාඩම - දත්ත සන්නිවේදන මාධ්‍ය(Communication Media)


දත්ත සන්නිවේදන මාධ්‍ය(Communication Media)

සන්නිවේදන මාධ්‍ය යනු හඬ හා දත්ත රැගෙන යන ද්‍රව්‍යයයි. විවිධාකාරවූ  සන්නිවේදන මාධ්‍යයන් වර්තමානයේ දී භාවිතා වෙයි. සන්නිවේදන මාධ්‍යයන් කොටස් දෙකකි.
1.     රැහැන්-නියමු මාධ්‍ය
2.      නිදහස් අවකාශ-නියමු නොවන මාධ්‍ය


Guided Media: නියමු මාධ්‍ය

දත්ත සන්නිවේදනය සදහා භෞතික මාධ්‍යක් ඒ කියන්නෙ Wire එකක් භාවිතා කරනව නම් ඒ මාධ්‍යන් නියමු මාධ්‍යන් ( Guided Media ) කියල හදුන්වනු ලබනවා. ඒ්වා වර්ග කිහිපයක් දැක්විය හැකිය.

විවෘත රැහැන් (Open Wire)

         

*මේකෙදි සමාන්තරගත රැහැන් 2ක් ආධාරයෙන් තමයි දත්ත සම්ප්‍රේශනය සිදු කරන්නේ.

*රැහැන් අතර පරතරය අඟල් 2 - 6 ක් පමණ වන ආකාරයට රැහැන් ඇදීම සිදු කරනවා.

*සරල වීම සහ ගොඩනැගීමේ පහසුව මේවාගේ වාසි විදිහට කියන්න පුලුවන්.

*ඒ වගේම තමයි ශක්ති හානිය අධික වීම, ඝෝශාව (noice) අධික ලෙස බලපෑම කියන දේවල් අවාසි විදිහට ගන්න පුලුවන්.
පරණ දුරකතන මාර්ග වල භාවිතා කරල තියෙන්නෙ මේ Open Wire.


Twisted-pair wire ට්විස්ටඩ් පෙයාර් වයර් (ඇඔරුණු යුග්මය)



ට්විස්ටඩ් පෙයාර් කේබලයේ ප්ලාස්ටික් මගින් ආවරනය කරන ලද කම්බි දෙපොටක් එකිනෙකා වටා අඔරා ඇත. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සුලභවම යොදා ගන්නා මාධ්‍ය මෙය වේ. මේවා සාමන්‍ය දුරකථන රැහැන් වන අතර පරිවෘත තඹ රැහැන් 2 සමාවෘත කර කටහඬ හා දත්ත සම්ප්‍රේෂණයට යොඳා ගනී. මෙහිදී තඹ රැහැන් 2 සමාවෘත කිරිමෙන්, එම රැහැන් අතර හටගන්නා හරස් කතාව සහ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය අවම කිරිම අරමුණු වේ. මෙහි සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිට් මිලියන 2 සිට 100 දක්වා පරාසයක පැතිර පවතී.

Coaxial cable: කොඇක්ෂියල් කේබල් (ඒකාක්ෂ කේබලය)

 

පරිවාරක මගින් ආවරිත තඔ කම්බියක් මධ්‍ය අක්ෂය ලෙස පිහිටන අතර ඊට පිටින් තවත් ලෝහමය ආරක්ෂකාවරණයක් (metal shield) පිහිටා ඇත. මේවා බහුල වශයෙන් රැහැන දුරකථන පද්ධති, රාජකාරි ගොඞනැගිලි සහ LAN පද්ධතීන්හි යොඳා ගනී. මෙම රැහැන්, තඹ සහ ඇලුමිනියම් වලින් තනා ඇති අතර පරිවාරක මාධ්‍යයකින් පරිවරණය කර ඇත. පසුව එය සන්නායක ස්තරයකින් ආවෘත කර ඇත. මෙලෙස ස්තර යෙදීමේ අරමුණ නිරෝධනය සහ අපරූපනය අවම කිරිමයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිට් මිලියන 200 සිට 500 ඳක්වා පරාසයක පැතිර පවති.

Fiber-Optical Cable: ෆයිබර් ඔප්ටිකල් කේබල් (ආලෝක තන්තු කේබල්)


 
ෆයිබර් ඔප්ටිකල් කේබලයක් තුල ආලෝකය ගමන් කිරීමට හැකි ඉතා සියුම් ෆයිබර් තන්තු සිය ගණනක් ඇත. මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. මෙමගින් ආලෝකය ඉතා දිගු දුරකට, ඉහළ කලාප පළලකින් සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. මෙම දෘෂ්ටික තන්තු විද්‍යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට  ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී. එනම් දෘෂ්ටික තන්තු සමක්ෂක විඳුලි රැහැන් වලට වඞා 100 ගුණයකින්ද සමාවෘත රැහැන් යුගල වලට වඞා 1000 ගුණයකින්ද වේගවත් වේ.
        


නියමු නොවන මාධ්‍ය

භූගෝලීය සුක්ෂම තරංග (Terrestrial Microwave)

මෙහිඳි සම්ප්‍රේෂකය සහ ග්‍රාහකයා භූමිය ආධාර කර ගනී. මෙම උපකරණය චන්ඳ්‍රිකා තැටි වලට ඉතා සමාන වේ. භූගෝලීය සුක්ෂම තරංග, පහල ගිගා සංඛ්‍යාත පරාසයක් භාවිත කරමින් එකිනෙක අතර දුර ආසන්න වශයෙන් සැතපුම් 30 පමණ වන සේවා ස්ථාන අතර සම්ප්‍රේෂණය සිඳු කරයි. මෙම සුක්ෂම තරංග ස්පර්ශක සාමාන්‍යයෙන් ගොඞනැගිලි මුඳුන් හා කඳු මුදුන් වල ස්ථාපනය කර ඇත.

සන්නිවේඳන චන්ඳ්‍රිකා

සන්නිවේඳන චන්ඳ්‍රිකා ගුවන් විඳුලි තරංග සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස යොඳා ගන්නා අතර, ඒවා පෘථිවි වායුගෝලය මගින් පරාවර්තනයකට ලක් නොවේ. මෙම චන්ඳ්‍රිකා නිරක්ෂ රේඛාවට සාමාන්‍යයෙන් සැතපුම් 22,000 පමණ ඉහල අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති අතර මෙම පෘථිවි කක්ෂ පඳ්ධති කටහඬ, ඳත්ත හා විඳුලි තරංග ප්‍රතිග්‍රහණයට හා ප්‍රතිචාරණයට සමර්ථ වේ.මෙහිඳි ගුවන් විඳුලි සන්නිවේඳන තාක්ෂණ කිහිපයක් යොඳා ගන්නා අතර මෙම පද්ධති  භූගෝලිය ප්‍රඳේශ අනුව බෙදා වෙන් කර ඇත. එක් එක් ප්‍රඳේශය සතුව ඇති පහළ ශක්තියකින් යුතු සම්ප්‍රේෂකයක් හෝ ගුවන් විඳුලි තරංග ප්‍රතිචාරණ ස්පර්ශක උපකරණයක් මගින් එක් ප්‍රඳේශයක සිට තවත් ප්‍රඳේශයක ට ඇමතුම් ප්‍රතිප්‍රචාරය සිඳු කෙරේ.

No comments:

Post a Comment

Thank You..