විද්යුත් චුම්භක වර්ණාවලිය
ICT ඉගෙන ගන්නා ළමයකු දැන ගත යුතුම විෂය කොටසකි විද්යුත් චුම්භක වර්ණාවලිය. මේ පිළිබදව පහත ලිපියෙහි වැදගත් විස්තර ගොණු කර ඇත. ප්‍රධාන වශයෙන් අප ශක්තිය ලබා ගන්නා ශක්ති ප්‍රභේදය වන්නේ විද්යුත් චුම්භක වර්ණාවලියයි. විද්යුත් චුම්භක වර්ණාවලියේ සෑම තරංගයකටම අදාලව නිශ්චිත ශක්තියක් ඇත. පෘතුවියෙහි සිදු වන සෑම ස්වභාවික ප්‍රතික්‍රියාවකටම අවශ්‍ය හක්තිය සැපයෙන්නේ මෙමගිනි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් වශයෙන් ප්‍රධාන වශයෙන් පරිගණකයෙහි අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හදෑරීමේදී මේ පිළිබද දැනීම වැදගත් වේ.
විද්යුත් චුම්භක වර්ණාවලිය යනු විද්යුත් චුම්භක විකිරණ වල සම්පූර්ණ පරාසය හෝ
ලාක්ෂණිකව ඒම වස්තුව අවශොෂණය කරන හෝ විමෝචනය කරන සියළු පරාස වල විද්යුත් චුම්භක
තරංග වල ඒකතුවයි. ඉතා පහල තරංග ආයාම ඇති රේඩියෝ තරංග වල සිට ඉතා පහල තරංග ආයාම ඇති
ගැමා කිරණ දක්වා විහිදෙයි. ඒහි තරංග ආයාමය කිලෝමීටර දස දහස් ගණන් වල සිට
පරමාණුවකටත් වඩා කුඩා තරංග ආයාමයන් ඇත. වර්ණාවලිය අනන්ත හා සන්තතික වේ.
ගැමා කිරණ
ගැමා කිරණ, විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් කරන එක් තරංග වර්ගයකි. ගැමා කිරණවල සංඛ්‍යාතය ඉතා අධික වන අතර එAවායේ අඩංගු ශක්ති ප්‍රමාණය ද ඉතා අධික ය. ඝන වානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදිය පවා විනිවිද යාමේ හැකියාවක් ගැමා කිරණවලට ඇත. ගැමා කිරණ මගින් සජීවී ෙසෙල විනාශ කෙරෙන බැවින් පිළිකා ෙසෙල විනාශ කිරීමට මෙම කිරණ යොදා ගැනේ. ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ආදිය ජීවානුහරණය කිරීම සඳහා ද ගැමා කිරණ භාවිත කෙරෙයි.
ආලෝකය
ආලෝකය නොහොත් දෘෂ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මිනිස් ඇසට සංවේදී වන තරංග පරාසයයි.
මෙම තරංග නිසා දෘෂ්ටිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාමය නැනෝමීටර 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ 780 දක්වා විහිදෙයි. ඒ අනුව එය ටෙරාහර්ට්ස් 405 සිට 790 පමණ වූ සංඛ්‍යාත පරාසයක
පිහිටයි. කෙසේ වෙතත් භෞතික විද්‍යාවේදී ආලෝකය යන වදන දෘෂ්‍ය ආලෝකය මෙන් ම ඒ දෙපස ඇති මිනිස් ඇසට සංවේදී නොවන අධෝරක්ත සහ පාරජම්බුල තරංග කලාප
සඳහා ද යෙදේ. තීව්‍රතාවය, සම්ප්‍රේෂණ
දිශාව, සංඛ්‍යාතය හෝ තරංග
ආයාමය, ධ්‍රැවීකරණය යන රාශි
ආලෝකයේ ප්‍රධාන ලක්ෂණ වේ. රික්තයකදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458ක් වේ.
ආලෝකය අවශෝෂණය සහ විමෝචනය වන්නේ ෆෝටෝන නමින්
හැඳින්වෙන ශක්ති පැකැට්ටු ලෙස ය. ආලෝකය තරංගමය ලක්ෂණ මෙන් ම අංශුමය ලක්ෂණ ද
පෙන්වයි. මෙම හැසිරීම තරංග-අංශු ද්වෛතය ලෙස හැඳින්වේ. ආලෝකයේ හැසිරීම පිළිබඳ ප්‍රකාශ විද්‍යාවේ දී හැදෑරේ.
භෞතික විද්‍යාවේදී ඕනෑ ම තරංග ආයාමයක් සහිත විද්‍යුත් චුම්බක විකිරණයක්
(දෘශ්‍ය හෝ අදෘශ්‍ය වේවා) ආලෝකය ලෙස සමහර විටෙක හැඳින්වේ
අධෝරක්ත තරංග
අධෝරක්ත (IR) ආලෝකය
යනු, මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී
දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි. අපට උණුසුම දැනෙන්නේ මෙම තරංග නිසා වේ.
රේඩියෝ තරංග
රේඩියෝ තරංග විද්‍යුත්චුම්භක
තරංග පරාසයේ සංඛ්‍යාතය අඩුම කලාපය වේ. එනිසා පොදුවේ විද්‍යුත්චුම්භක
තරංගවලට අදාල කරුණු රේඩියෝ තරංග සඳහාද වලංගු වේ. දළ වශයෙන් ගිගාහර්ට්ස් 300 සිට ඉතා පහල හර්ට්ස් අගයක් (මෙම පහළ අගය කීයදැයි තවම
අපට හරිහැටි කිව නොහැකියි) දක්වා වූ විශාල පරාසයක්
තුල රේඩියෝ තරංග පවතී. කෙසේ වෙතත් මෙම සම්පූර්ණ
හර්ට්ස් පරාසයම තවමත් අපට භාවිතා කිරීමට තරම් තාක්ෂනය දියුණු නැත. උපරිමය ගිගාහර්ට්ස් ගණනක අගයේ සිට අවමය
කිලෝහර්ට්ස් ගණනක අගය දක්වා පරාසයක් පමණයි දැනට භාවිතා කරන්නේ.
රේඩියෝ තරංග අතිවිශාල ප්‍රයෝජන
ප්‍රමාණයක් සඳහා භාවිතා කෙරෙනවා. රේඩියෝ සේවා, රූපවාහිනි සේවා, ජංගම දුරකතන, GPS වැනි භූනිශ්චය සේවා (geolocation), වෙනත් චන්ද්‍රිකා සේවා, බ්ලූටූත් හා එවැනි කෙටි
දුර සන්නිවේදන සේවා, වයිෆයි, අන්තර්ජාල හා දත්ත සේවා, මයික්‍රොවේව් උදුන්, රේඩාර්, පර්යේෂන කටයුතු ආදීය ඊට
උදාහරණ වේ. රේඩියෝ තරංග පරාසය තුළම විවිධ සංඛ්‍යාත උපකලාපයන්
මෙම සේවා සඳහා වෙන් කොට තිබෙනවා.
No comments:
Post a Comment
Thank You..