Sunday, May 3, 2020

6 පාඩම - ADSL (Asymmetric Digital Subscriber Line)


ADSL (Asymmetric Digital Subscriber Line)

ADSL නැතහොත් Asymmetric Digital Subscriber Line යනු රැහැන් සහිත දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්ෂණයයි. මෙමඟින් එකවර දුරකථන ඇමතුමක යෙදී සිටියදීම, අන්තර්ජාලයේ සැරිසැරීමේ අවස්ථාවද පාරිභෝගිකයාට සැලසේ.
අපේ කටහඬ සහිත සංඥා සන්නිවේදනය කරන්නේ 0-3400Hz සංඛ්‍යාත පරාසය තුලයි.රැහැන් සහිත ස්ථාපිත දුකථන ජාල නිර්මාණය කරලා තියෙන්නේ  0-4000Hz සංඛ්‍යාත පරාසයේ සංඥා ප්‍රවාහනය කල හැකිවන ලෙසයි.මෙම සංඛ්‍යාත පරාසයට ඉහලින් ඇති ඇමතුමක සංඥා සන්නිවේදනයට භාවිතා නොකරන  සංඛ්‍යාත පරාසය ADSL තාක්ෂනයේදී දත්ත සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නවා.
ADSLහිදී කම්බියෙහි දුර වෙනස් වන විට දත්ත වල ගුනාත්මක භාවයට හානි වීම සිදු විය හැක.මම කලින් කිව්වා වගේ ADSL තාක්ෂනය සඳහා යොදාගන්නේ දුරකථන රැහැන් ඒ කියන්නේ copper telephone lines.ඉතින් දත්ත සන්නිවේදන වේගය කෙරෙහි කෙලින්ම බලපානවා අපේ මේ රැහැන් වල තත්වය.වැඩි විෂ්කම්බයක් තියන රැහැන් වලට වැඩි වේගවලින් වැඩි දුරකට දත්ත සන්නිවේදනය කරන්න පුළුවන් . සාමාන්‍යයෙන් 6km දුරකට දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක ඉදලා දුරකථන මාර්ග ඔස්සේ ADSL ලබාගන්න පුළුවන්.දුර වැඩිවෙනකොට දත්ත සම්බන්දතවයේ වේගය ටිකක් අඩුවිය හැක.

ADSL තාක්ෂණ‍යේදී,                                    
  • ඉහල සංඛ්‍යාත පරාසයක දත්ත සන්නිවේදනය සිදුකෙරේ.
  •  Dial up සම්බන්ධතාවයට සාපේක්ෂව, දත්ත සන්නිවේදන වේගය බෙහෙයින් වැඩිය.
  • දුරකථන මාර්ගය භාවිතා වන කාලය සඳහා වෙනම ගාස්තුවක් අය නොකෙරේ.
  • යටි සම්බන්ධතාවයේ(down link) දත්ත සන්නිවේදනය වේගය  උඩු සම්බන්ධතාවයේ(up link) දත්ත සන්නිවේදන වේගය වඩා බෙහෙයින් වැඩිය.
  • දත්ත සන්නිවේදනය සඳහා දුරකථන රැහැන් භාවිතා කරන නිසා වැඩි විෂ්කම්භයකින් යුත්, මලකඩ හා ඔක්සයිඩ් නොබැඳුණු, හොඳින් සවි වූ සන්ධි සහිත රැහැන් මඟින් වැඩි දුරකට සහ වැඩි වේගයකින් දත්ත සන්නිවේදනය සිදුකරයි.  





වැදගත්,


Dial Up සම්භාන්දතාවක්  යනු පොදුවේ අප පාවිච්චි කරන Mobile Braodbandමොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ,හෝ එස් එල් ටී SLT Dial Up ඩයල් අප් කනෙක්ෂන් එකක් හෝ සී ඩී එම් ඒ CDMA සම්භාන්දතාවක් ඔස්සේ අන්තර්ජාල පහසු කම ලබා ගැනීමේදී පාවිච්චි කරන ක්‍රමයයි .මෙහිදී අප විශේෂ අංකයකට ඩයල් කිරීමෙන් එහෙමත් නැතිනම් ඇමතීම මගින් අදාළ සබන්ධතාව ඇති කරගන්නා බැවින් මෙවැනි සම්බන්දතාවකට  Dial Up සම්භාන්දතාවක් යයි කියනු ලැබේ


ADSL සේවාව ලබාගැනීමට මූලික අවශ්‍යතා
  • ස්ථාපිත රැහැන් සහිත දුරකථන සම්බන්ධතාවයක් තිබීම.
  •  දුරකථන හුවමාරු මධ්‍යස්ථානය මඟින් ADSL සේවාව ලබාදීමේ හැකියාව
  • දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට සේවාව අවශ්‍ය ස්ථානයට ඇති දුර 6Km ට වඩා අඩුවීම.
  • ADSL මෝඩමයක්

ADSL මෝඩම

Dial up මෝඩමවලට වඩා මිලෙන් වැඩි අතර වර්ග කිහිපයකි.

 

  • ADSL USB මෝඩම - පරිගණකයේ USB port  හා සම්බන්ධ කරන මෝඩම
  • ADSL මෝඩම් රවුටර් -  ඊතර්නෙට් කේබලයක් මඟින් පරිගණකයේ Ethernet  port  හා සම්බන්ධ කරන අතර, එකවර පරිගණක එකක් හෝ කිහිපයක් හෝ සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ඇත.
  • USB සහ Ethernet යන ports  දෙකටම සම්බන්ධකිරීමේ පහසුකම් සහිත මෝඩම
  • වයිෆයි(WiFi) පහසුකම් සහිත මෝඩම
ADSL ස්පිලටර්/ෆිල්ටර් 
දුරකථන ඇමතුමක යෙදී සිටියදීම අන්තර්ජාලයේ සැරිසැරීමේදී ඇතිවන ඝෝෂාව අවම කිරීමට සහ ඇමතුම විසන්ධිවීම වලක්වා ගැනීමට භාවිතා කරයි.

ADSL සේවාව ලබාගැනීමට,
  •  ADSL මෝඩමය වින්‍යාස(configure) කල යුතුය.
  • අදාල සේවාව සපයන ආයතනය මඟින් ලබාදෙන පරිශිලක නාමය (user name) සහ මුරපදය (password) ඇතුලත් කල යුතුය.
ADSL2, ADSL2+,  ADSL තාක්ෂණයේ වැඩිදියුණු වූ අවස්ථා ලෙස හැඳින්විය හැක.

No comments:

Post a Comment

Thank You..