Saturday, April 25, 2020

6 පාඩම - සංඥා සහ ඒවායේ ගුණ


සංඥා (signals) සහ ඒවායේ ගුණ
දත්ත ඒක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගෙන යාමට සංඥා භාවිතා කරනු ලැබේ. සංඥාවක් යනු විද්යුත්  තරංගයකි.
විද්යුත් තරංග ආකාර 2කින් ඇත.
01.ආංකිත(Digital)
02.ප්‍රතිසම(Analog)

ආංකිත(Digital)
ඩිජිටල් සං‍‍ඥාවක් යනු විදුලි සං‍‍ඥාවක් වන අතර එය ඒය අඛණ්ඩ ධාරාවක් ලෙස ගමන් නොකර සං‍‍ඥාවේ අනුයාත ස්ථාන 2ක් අතර සෑම විටම  විද්යුතයෙහි වෙනස් අගයන් ගනී. කාලයත් සමග විවික්ත ආකාරයෙන් විද්යුතයෙහි අගය වෙනස් වේ.


ප්‍රතිසම(Analog)
අඛණ්ඩ විදුලි ධාරාවක් වන අතර කාලයත් සමග සංතතිකව ආකාරයෙන් විද්යුතයෙහි අගය වෙනස් වේ.


තරංග වල ගුණ
විද්යුත් තරංග වල පවතින ලක්ෂණ කිහිපයක් ඇත.
01.    තරංග ආයාමය- λ
02.     සංඛ්‍යාතය -f
03.    විස්තාරය -A
04.    කළාව-Phase

මාධ්‍යක ප්‍රචාරන වේගය
දත්ත දන්නිවේදනය සදහා භාවිතා කරන මාධ්‍යයක් තුලින් ශබ්ධ හෝ ආලෝක තරංග ගමන් කරන වේගය ඒම මාධ්‍යයේ ප්‍රචාරන  වේගය ලෙස හැදින් වේ. මාධ්‍යයෙන් මාධ්‍යයට ප්‍රචාරන වේගය වෙනස් වේ

No comments:

Post a Comment

Thank You..