Sunday, May 3, 2020

6 පාඩම - සන්නිවේදන තාක්ෂණයන්හි විකාශනය(1G to 5G)


සන්නිවේදන තාක්ෂණයන්හි විකාශනය(1G to 5G)

මේ ජංගම දුරකථන පරම්පරා ආරම්භ වුනේ 0G/1G වලින්. 1970 දී  1G වලට අයත් ජංගම දුරකතන නිර්මාණය ආරම්භ විය. ඉන් පසු දෙවන පරම්පරාවේ සිට,එනම් 2G සිට ඩිජිටල් දුරකථන නිර්මාණය කිරීම ඇරඹුනා. 1971 දී  The Autoradiopuhelin (ARP) කියන ෆින්ලන්ත සමාගම විසින් එරට මුල්ම පොදු වාණිජමය දුරකතන ජාලය ආරම්භ කලේය. ජර්මනියේ B-netz කියන සමාගම විසිනුත් ජංගම දුරකථන ජාලයක් ආරම්භ කරා. මෙලෙස 0G ආරම්බය සිද්ධ විය.

ඉන් පසු 1G පරම්පරාව නිර්මාණය සිදුවුනා. මේ පරම්පරාවට අයත් වුනේ ඇනලොග් හෙවත් ප්‍රතිසම දුරකථනයි. ඒ 1979-1980 වගේ කාල වලදී.ජපානයේ Nippon Telephone and Telegraph කියන සමාගම විසින් ආරම්භ කරපු මෙය යුරෝපයේ රටවල් වලත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඇමරිකාවේ එක්සත් රාජධානිය වගේ රටවල් වලත් මෙම පළමු පරම්පරාවේ දුරකථන ජාල ප්‍රචාරණය සිදුවුනා.

දෙවන පරම්පරාව හෙවත් 2G, GSM තාක්ෂණයෙන් යුක්තව නිශ්පාදනය විය. මෙය අඩු ඩිජිටල් සංඛ්‍යාත පරාසයන් ඔස්සේ නිර්මාණය විය. GSM තාක්ෂණය අදටත් ලොව භාවිතා කරනු ලබනවා. මේ පරම්පරාව තුල GPRS, CDMA, TDMA වගේ ජංගම දුරකථන තාක්ෂණයන් බිහි විය.

තුන්වන පරම්පරාව, 3G කියන අපි අදටත් භාවිතා කරන තාක්ෂණය. ඇමරිකාවේ දී 2003 දී 3G ආරම්භය සිදු විය. අන්තර්ජාල වේගය 144Kbps වැනි ප්‍රමාණයක් විය. EDGE, High-Speed Packet Access (HSPA) වැනි සන්නිවේදන තාක්ෂණික ක්‍රම වල ආගමනය සිදුවුනෙත් මේ තුන්වන පරම්පරාවේදීය. වර්තමානය වනවිට 3G සම්බන්ධතා වල අන්තර්ජාල වේගය 400Kbps වගේ දක්වා වැඩි වී ඇත.

Future mobile generation networks (4G) යනු දැනට තිබෙන දියුණුම සහ වේගවත්ම දුරකථන සන්නිවේදන ජාල වර්ගයයි. මෙම සංකල්පය 2010 දී ඉදිරිපත් විය. 4G සඳහා The International Telecommunications Union හෙවත්  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් සම්මතයන් ඉදිරිපත් කර තිබෙනවා. 4G සතුව LTE, HSPA+, Wi-Max වගේ නවතම තාක්ෂණයන් අඩංගු වී ඇත.

වර්තමානයේ බොහෝ ජංගම දුරකථන නිපදවනු ලබන්නේ 4G තාක්ෂණය මත රදා පවතින ලෙසයි. අපහසුවකින් තොරව අන්තර්ජාලය හරහා ක්‍රීඩා සඳහා, වීඩියෝ දර්ශන නැරඹීමට වැනි online සජීවී කටයුතු කිරීමේ හැකියාව 4G තාක්ෂණය නිසා ලැබී තිබෙනවා.
 



4G වලින් පසුව 5G කියන විශ්මය ජනක තාක්ෂණය පැමිණීමට නියමිතය. එය තවම පරීක්ෂණ මට්ටමේ පවතී. මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 10Gbps තරම් විශාල අගයකින් යුක්ත වෙනවා. නමුත් 5G වල ආරම්භක මූලික පිරිවැය සහ නඩත්තු වියදම් තරමක් ඉහල අගයක් ගනිවී. 5G වල ඇති ලොකුම ගැටළුව වන්නේද එයයි.

No comments:

Post a Comment

Thank You..