Monday, July 13, 2020

1 පාඩම- ඉලෙක්ට්‍රොනික හා අනෙකුත් තාක්ෂණයන්හි උපයෝජනය




තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ ද සීග්‍ර දියුණුවක් වර්ථමානය වන විට දැකගත හැකිවේ. පාසල් අධ්‍යාපනය පිළිබඳව සළකා බැලීමේදී වර්තමානයේ විවිධ විෂය කරුණු පරිගණකය සහ අන්තර්ජාලය භාවිතයෙන් ඉගැන්වීම පාසල් වල දක්නට ලැබෙන නව ප්‍රවණතාවකි.මෙමගින් අමාරු විෂය කොටස් ඉතාම පහසුවෙන් අවබෝධ කරදිය හැකිවේ. ජංගම දුරකථනය මගින් අපට අවශ්‍ය වෛද්‍යවරයකු වෙන් කර ගැනීමේ හැකියාව ලබාදී ඇත. ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව සළකා බැලීමේදී ද අපට යායුතු මාර්ගය පවා ජංගම දුරකථනය හෝ වෙනත් තාක්ෂණික උපකරණ මගින් සොයා ගත හැකිය. එපමණක් නොව සියළුම ජනමාධ්‍ය ආයතන තොරතුරු සන්නිවේදන තාක්ෂණය ග්‍රහණය කිරීම නිසා ලොව

සිදුවීම් ක්ෂණිකව අපහට ලබා ගැනීමේ හැකියාව පවතියි. අද කාලයේ ඉතාම ජනප්‍රිය ආදායම් මාර්ගයක් වන්නේ අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන රැකියාවේ. තාක්ෂණයේ දියුණුවත් සමගම වර්ධනය වූ මෙම සංකල්පය මගින් නව රැකියා අවස්ථා පුළුල් වී ඇතිසේම අප රටට විදේශ විනිමය ලබන්නවූ මාර්ගයක්ද වන්නේය.

තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණයේ සංයුග්මනය

1970 දශකයේ මුල් භාගයේ සන්නිවේදන තාක්ෂණය සහ පරිගණක (තොරතුරු ) තාක්ෂණය එකට එක් වී එය කිසියම් විප්ලවයක ස්වරූපයෙන් සීග්‍රයෙන් වර්ධනය විය. චන්ද්‍රිකා,දුරකථන වැනි පණිවිඩ හුවමාරු ක්‍රම දියුණු වෙත්ම එමගින් තොරතුරු එහා මෙහා ගෙනයාමේ ක්‍රියාවලිය සිදුවෙමින් පැවතුණ කාල වකවානුවේ පරිගණකයද එම කාර්යයට තරමක් දුරට යොමුවෙමින් තිබුණි. පරිගණකය තුල ඇති දත්ත තවත් පරිගණකයක් වෙත යැවීමේ අවශ්‍යතාව 1960 දශකයේ අග භාගයේ දී පැන නැගුණි

එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට දත්ත හුවමාරුව සඳහා සම්බන්ධතාව රැහැන් මගින් කළ යුතු විය. මේ වකවානුව වන විට දුරකථන පද්ධතිය හා චන්ද්‍රිකා පද්ධතිය මගින් ශබ්දය එහා මෙහා ගෙන යාමේ තාක්ෂණ දියුණුව ඇතිවී තිබුණු නිසා පරිගණකය හා සන්නිවේදන මාධ්‍යයන් එක් කළ යුතු යැයි අදහසක් ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේ පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය එකිනෙකට අත්වැල් බැඳ ගැනීම 1970 න් ඇරඹි දශකයේ අවසානයේ සිදුවීමයි

අද ඔබ භුක්ති විඳින මෙම තාක්ෂණය කෙටි කාලයක් තුළ නිරායාසයෙන් සිදුවූ දෙයක් නම් නොවේ. එය වර්ෂ 60 කට අධික කාලයක් තිස්සේ විශාල මිනිස් සමූහයක් විසින් දිවා රෑ වෙහෙසී කරනු ලැබූ පර්යේෂණ සහ දැරූ උත්සහයන්ගේ ප්‍රතිඵලයකි.


තොරතුරු සන්නිවේදන තාක්ෂණය වැදගත් වන්නේ ඇයි
පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පරිගණක තාක්ෂණයත් සමඟ අනුබද්ධව විශාල දියුණුවක් ලබා ගති. එසේම ඉලෙක්ට්‍රොනික මෙන්ම වෙනත් තාක්ෂණ ද දියුණුවීමට පරිගණක තාක්ෂණ ඉවහල් වී ඇත. ඉන් කීපයක් ගැන විස්තර මෙසේය.
කලින් ඇනලොග් ආකාරයෙන් තිබුණු දුරකථන, ඔරලෝසු, කැමරා, රූපවාහිනී යන්ත්‍ර වැනි බොහෝ උපකරණ ඩිජිටල් තාක්ෂණයට අනුව නිපදවා කර ඇත.
3G සහ 4G යනාදී තාක්ෂණ යොදා ගෙන බ්‍රෝඩ්බෑන්ඩ් ක්‍රමයට අන්තර්ජාල පහසුකම් ලබා දෙයි. කලින් තිබුනේ කේබල් සම්බන්ධතා හරහා අන්තර්ජාල සම්බන්ධතා ලබා දෙන ක්‍රමය බව දනිමු.


  • දැන් තිබෙන මෝටර් රථවල ක්‍රියාකාරීත්වය පරිගණක මඟින් පාලනය කෙරේ. එම මෝටර් රථවල කාර්මික දෝෂ සෙවීමට ද පරිගණක යොදා ගැනේ. මේ නිසා මෝටර් රථවල ක්‍රියාකාරීත්වය උසස් වී තිබෙනවා පමණක් නොව ඒවායේ දෝෂ සොයා ගැනීමට ද පහසු වී තිබේ.

  • වෛද්‍ය පරීක්ෂණ කටයුතුවල පටන් සැත්කම් කිරීම දක්වා යොදා ගන්නා විවිධ වෛද්‍ය තාක්ෂණික උපකරණ පරිගණක යන්ත්‍ර භාවිතා කෙරෙන ඒවාය. එසේම රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කිරීම වැනි වැඩ කරගත හැකි පරිගණකගත උපාංග නිවෙස්වලදී සාමාන්‍ය මහජනයාට භාවිතා කළ හැකි තරම් සරලව දැන් නිපදවා තිබේ.
§  ඒටීඑම් යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීම මෙන්ම ක්‍රෙඩිට් කාඩ් හරහා ගනුදෙනු කිරීමේ පහසුව ද ලැබී තිබෙන්නේ පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟය

එදිනෙදා ජීවිතයට තොරතුරු වල ඇති වැදගත්කම

තරඟකාරී ජීවන රටාවකට යොමු වී සිටින නූතන මිනිසාහට තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ උදව් නැතුවම බැරිය. එදිනෙදා ජීවිතයේදී පැණ නගින ප්‍රශ්න සඳහා කඩිනම් වුත් ඉතාම නිවැරදි විසඳුම් ලබාදීම සඳහන් කළ යුතුවේ. අධ්‍යාපනයේ දී දුරස්ථ ආකාරයට ඉගෙන ගැනීමටත් අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණික මෙවලම් භාවිතයෙන් විෂය කරුණු වැඩිදුර අධ්‍යයනය කිරීමටත්, ඉහල වැටුප් සහිත රැකියාවක් සොයා ගැනීමටත්, සෞඛ්‍ය ආරක්ෂිතව දිවි ගෙවීමටත්, විනෝදය සඳහාත්, ආපදා වලින් වැලකීමටත්, පුද්ගල සන්නිවේදනයටත්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී වඩාත් ගුණාත්මක බවින් යුතු දේ මිලදී ගැනීමටත් තොරතුරු අත්‍යවශ්‍ය වේ.

No comments:

Post a Comment

Thank You..