Monday, July 13, 2020

1 පාඩම- දත්ත සහ තොරතුරු නිර්මාණය, බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා තාක්ෂණයේ අවශ්‍යතාව

ඕනෑම පද්ධතියක තොරතුරු සැකසීම හස්ත ක්‍රමය සහ ස්වයංක්‍රීය ක්‍රමය යන ක්‍රම දෙකෙන් එකකින් කළ හැක. ඒවා පිළිබඳ විස්තර මෙසේය.

හස්ත ක්‍රමය


දත්ත රස කිරීම, ගබඩා කිරීම, සැකසීම, තොරතුරු ලබා ගැනීම වැනි සියලු කාර්යන් මිනිස් ශ්‍රමය උපයෝගී කරගෙන කිරීම හස්ත (manual) ක්‍රමය ලෙස හැඳින්වේ. මේ සඳහා කඩදාසි, පෑන්, පැන්සල් වැනි දේ යොදා ගනු ලබයි. දරු උපතක විස්තර සටහන් කර උප්පැන්න සහතිකයක් සැකසීම නිදසුනකි. එහි ඇති සියලු දත්ත පෑන් සහ කඩදාසි භාවිතා කර එක්රැස් කරගත් ඒවාය. පසුව ඒවා ෆයිල් කවරවල රුවා රාක්ක මත ගබඩා කර තබනු ලබයි. නැතහොත් ලාච්චුවල බහා තබයි. හස්ත ක්‍රමයේදී තොරතුරු සැකසීමට යොදා ගන්නේ මිනිස් මොළයේ බලයයි. යන්ත්‍රය බලයක් නොවේ.

ස්වයංක්‍රීය ක්‍රමය

පරිගණක උපයෝගී කරගෙන දත්ත සැකසීම මෙනමින් හැඳින්වේ. මේ සඳහා පරිගණක දෘඩාංග, මෘදුකාංග, දත්ත සමුදායන් යනාදිය උපයෝගී කරගනී. මෙහිදී තොරතුරු සැකසීමේ කාර්ය කරන්නේ මිනිස් මොළයේ බලයෙන් නොව පරිගණකයේ බලයෙනි. එනම් තොරතුරු සැකසීම ස්වයංක්‍රීයය. බැංකු ගිණුම පිළිබද තොරතුරු සැකසීම පාස් පොතෙහි සටහන් කිරීම මෙවැනි ස්වයංක්‍රීය වැඩකි. හස්ත ක්‍රමය සමඟ ස්වයංක්‍රීය ක්‍රමයේ සැසඳීම මෙසේය. ස්වයංක්‍රීය ක්‍රමය වඩා වාසිදායක බව ඉන් පෙනේ.


අත්හුරු හා ස්වයංක්‍රීය ක්‍රම වලින් දත්ත හා තොරතුරු හැසිරවීමේ වාසි හා අවාසි

හස්ත ක්‍රමය
ස්වයංක්‍රීය ක්‍රමය
නිවැරදි බව අඩුය.
නිවැරදි බව වැඩිය.
වේගය අඩුය.
වේගය වැඩිය.
මිනිස් ශ්‍රම යෙදවුම් වැඩිය.
මිනිස් ශ්‍රමය අඩුය.
විශ්වාසී බව අඩුය.
විශ්වාසී බව වැඩිය.
දත්ත සහ තොරතුරු ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වේ.
දත්ත සහ තොරතුරු ගබඩා කිරීමට වය වෙන්නේ අඩු ඉඩකි.
තොරතුරුවල ගුණාත්මක බව අඩුය.
තොරතුරුවල ගුණාත්මක බව වැඩිය.
තොරතුරුවල නිමාව අඩුය.
තොරතුරු ඉහළ නිමාවකින් යුක්තය.
අවශ්‍ය තොරතුරු නැවත ලබා ගැනීම අපහසුය.
ඉක්මනින් අවශ්‍ය කරන තොරතුරු සොයා ගත හැක.
මහන්සිය මෙන්ම වියදම ද වැඩිය.
මහන්සිය මෙන්ම වියදම අඩුය.














මිනිස් ජීවිත වලට අනතුරක් විය හැකි අවස්ථා වල හස්ත මූලික ක්‍රම බාවිතා කල නොහැකි වීම

ඇතැම් ස්ථාන වල තොරතුරු සෙවීමට මිනිස් ශ්‍රමය යොදා ගත නොහැක  සමහර අවස්ථා වලදී ජීවිත වලට අනතුරු සිදුවිය හැක. එවැනි ස්ථාන වල දත්ත එක්රැස් කිරීමට තාක්ෂණික මෙවලම් බාවිතා කරණු ලැබේ.
උදා-ගැබුරු මුහුදේ තත්ත එකතු කිරීම් වලදී
        අභ්‍යවකාශ ගවේශණය. 


තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ උදාව

මිනිසා ශිලා යුගයේ සිට විවිධ යුග පසු කරන විට තොරතුරු වල අවශ්‍යතාවය වැඩි විය. තීරණ ගැනීමට  සැලසුම් කිරීමට, අනාවැකි ප්‍රකාශ කිරීමට වැනි නොයෙකුත් කාර්යයන් සඳහා තොරතුරු අවශ්‍ය වියතොරතුරු යුගයේ මිනිසාට තොරතුරු භාවිතා කිරීම සඳහා එනම් තොරතුරු එකතු කිරීමට, සැකසීමට, ගබඩා කිරීමට හා බෙදා හැරීම සඳහා තාක්ෂණයක් අවශ්‍ය විය. මෙම තාක්ෂණය මිනිසා විසින්ම නිර්මාණය කර ඇත.

මෙසේ මිනිසා විසින් තොරතුරු එකතු කිරීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා යොදා ගනු ලබන තාක්ෂණය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය නම් වේ. වර්තමානයේ මිනිසාට තොරතුරු රහිතව ජීවත් වීමට නොහැකිය. මේ නිසා අද වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. මෙමගින් මිනිසාගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටළු සඳහා ඵලදායී වූත් වේගවත් වූත් විසඳුම් ලබා දේ නව නිර්මාණයක් යනු දැනට භාවිතයේ නැති යම් භාණ්ඩයක්, මෙවලමක් හෝ සංකල්පයක් අලුතින් හඳුන්වා දීමයි.මෙය ආකාර දෙකකි. එනම් නව නිපැයුමක් යනු මූලික සංකල්පයක් මත සකස් වූ දැනට භාවිතයේ නොමැති නිර්මාණයක්, ශිල්පීය ක්‍රමයක් හෝ මෙවලමක් ප්‍රථම වරට හඳුන්වා දීමයි. නව පරිකල්පන සැකසුමක් යනු නව නිර්මාණයකට වඩා බෙහෙවින් වෙනස් දෙයකි. දැනට පවත්නා නිර්මාණ, ශිල්පීය ක්‍රමයක් හෝ මෙවලමක් මනාව අධ්‍යයනය කර එම නිපයුමට මූලාරම්භය දුන් සමාජමය අවශ්‍යතාවය හඳුනා ගෙන එහි ප්‍රභවයට යාමෙන් එම අවශ්‍යතාවය සඳහා වෙනත් මූලික සංකල්පයන් යොදා ගත් නවතම නිර්මාණය " පරිකල්පන නිර්මිතය (Innovative Design)" නමින් හැඳින්වේ. එහිදී නිර්මාණය කරන නිර්මාණය පළමු නිර්මාණයේ අනුකරණයක් නොවිය යුතුවේ.

නව නිර්මාණයක් යනු මිනිසකුගේ සිතෙහි ඇතිවන අළුත් අදහසක ප්‍රතිඵලයකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවටද දායක වූයේ මෙම නව සොයා ගැනීම් වේ. මේවායින් සමහරක් පහත දැක්වේ.


1876 - දුරකථනය (Telephone) නිර්මාණය කිරීම (ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්)
1940 -
ට්‍රාන්සිස්ටරය (Transistor) නිර්මාණය කිරීම
1951 -
වාණිජ (Commercially) මට්ටමින් පරිගණක නිෂ්පාදනය සහ වෙළඳාම ඇරඹුණි.
1957 -
යතුරු පුවරුවක් භාවිතා කල ප්‍රථම පරිගණකය (Computer) නිපදවීම
1957 -
රුසියාව විසින් ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම (ස්පුට්නික් අභ්‍යාවකාශ ශටලය - Sputnik Space Shuttle )
1958 -
අනුකලිත පරිපථ (IC – Integrated Circuits) නිර්මාණය කිරීම
1966 -
තැනින් තැන රැගෙන යාහැකි ගණක යන්ත්‍රය (Calculator)
1969 -
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM – Automatic Teller Machine), තීරු කේත කියවනය (Bar Code Reader) නිපදවීම
1973 -
ප්‍රථම ජංගම දුරකථනය (Mobile Phone) නිපදවීම (ආචාර්ය මාර්ටින් කූපර් )
1973 -
අන්තර්ජාලය (Internet) නිපදවීම (වින්ටන් සර්ප්)
1975 -
ප්‍රථම පුද්ගල පරිගණකය (PC – Personal Computer) සහ ලේසර් මුද්‍රණ යන්ත්‍රය (Laser Printer) නිපදවීම
1976 -
ඇපල් පුද්ගල පරිගණකය (Apple Personal Computer) නිපදවීම (ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියෑක්)
1977 -
- මේල් (E - Mail) භාවිතය ලොවට හඳුන්වා දීම
1978 -
ප්‍රථම IBM පරිගණකය
1987 -
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 1.0 මෙහෙයුම් පද්ධතිය (Microsoft Windows 1.0 Operating System) හඳුන්වා දීම
1991 -
අන්තර්ජාලයේ සේවාවක් (Service) වන විශ්ව විසිරි වියමන (WWW – World Wide Web          ) හඳුන්වා දීම
1992 -
ප්‍රථම කෙටි පණිවිඩ සේවය (SMS  - Short Message Service)
1995 -
පෙන්ටියම් ක්ෂුද්‍ර සකසනය (Pentium Micro Processor) නිර්මාණය
1995 -
ජාවා පරිගණක ක්‍රමලේඛ භාෂාව (JAVA Computer Programming Language) නිර්මාණය කිරීම
2004 -
ජනප්‍රිය සමාජ වෙබ් අඩවියක් (Social Network) වන Facebook අඩවිය අන්තර්ජාලයට නිදහස් කිරීම




සියළු එදිනෙදා වැඩ කටයුතු අතින් සිදු කරමින් සිටි මිනිසා නවීන තාක්ෂණය වැළඳගත්තේ විසි වන සියවසේ අග භාගයේදී ය. සීග්‍රයෙන් වෙනස් වූ තාක්ෂණික දියුණුව සමගම අධ්‍යාපනික, සෞඛ්‍ය, සන්නිවේදන, ප්‍රවාහන, මූල්‍ය සහ බැංකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ කෘෂිකර්මාන්තයේ දී වුවද තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT – Information & Communication Technology) භාවිතා කළහ. එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණික මෙවලම් (ICT Tools) භාවිතා කරන ලදී. වර්තමානයේ ඉතාම ජනප්‍රිය, සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයක් වන්නේ සන්නිවේදන (Communication) ක්ෂේත්‍රයයි. මේ අතර ජංගම සන්නිවේදනය (Mobile Communication) මූලික වේ.

No comments:

Post a Comment

Thank You..