Monday, July 27, 2020

6 පාඩම - දත්ත ආකේතන තාක්ෂනයන් (Data Encording Technique)

ආංකිත දත්ත මෙන්ම ප්‍රතිසම දත්තද මාධ්‍යයක් තුලින් ගමන් කිරීමට සංඥා බවට පත් කල යුතුය. ඒසේ දත්ත සංඥා බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආකේතනය නමින් හදුන්වයි. මෙහිදී ද්වීමය 1  සහ 0 නිරූපනය සදහා වෙනස් වෝල්ටීයතා මට්ටම් භාවිතා කරයි.

උදා-

01000001 A අක්ෂරය
මෙය දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යක් තුලින් ගෙන යා නොහැක ඒය ආංකිත සංඥාවක් බවට පත් කළ යුතුය. ඒයට හේතුව සම්ප්‍රේෂණ මාධ්‍යක් හරහා ගෙන යා හැක්කේ තරංගයක් පමණි.

දත්ත කේතීකරණ තාක්ෂණය, දත්ත පරිවර්තන වර්ගය මත පදනම්ව පහත දැක්වෙන වර්ග වලට බෙදා ඇත,



Analog data to Analog signals - Amplitude Modulation, Frequency Modulation, Phase Modulation වැනි මොඩියුලේෂන් ක්‍රම මෙම කාණ්ඩයට අයත් වේ.

Analog data to Digital signals- මෙම ක්‍රියාවලිය digitization (ඩිජිටල්කරණය) ලෙස හැඳින්විය හැක, එය Pulse Code Modulation(ස්පන්දන කේත මොඩියුලේෂන්) PCM විසින් සිදු කරයි

Digital data to Analog signals- විස්තාර මාරුව යතුරු ASK වැනි මොඩියුලේෂන් ක්‍රම , සංඛ්‍යාත මාරුව යතුරු කිරීම FSK, කේත මාරුව යතුරු PSK යනාදිය මෙම ගණයට අයත් වේ.

Digital data to Digital signals-. ඩිජිටල් දත්ත ඩිජිටල් සංඥා වලට සිතියම් ගත කිරීමට ක්‍රම කිහිපයක් තිබේ. ඒවායින් සමහරක් පහත දක්වා ඇත.




Unipolar

මෙහිදී ධ්‍රැවීයතා ඒක් මට්ටමක් පමණක් භාවිතයට ගැනේ. මෙය සරල හා පිරිවැය අඩුය. මෙහි ධ්‍රැවීයතාවය 1 හා 0 අතර පිහිටයි. මෙහිදී DC voltage ඒකක් භාවිතා කරයි.   




Polar
විස්තාරයේ මට්ටම් දෙකක් භාවිතා කරයි. සෑම බිට් එකක්ම ධන හා ඝෘණ වෝල්ටීයතාවයෙන් සමන්විත වේ. Dc සංරචකය මුළුමනින්ම ඉවත් කර ඇත. මෙහිදී භාවිතා වන තාක්ෂණයන් පහත දක්වා ඇත.




Non Return to Zero - NRZ

NRZ (ශුන්‍යයට ආපසු නොයෑම) යනු ඩිජිටල් දත්ත සම්ප්‍රේෂණයක ආකාරයකි. එහිදී ද්විමය අඩු සහ වැඩි පිහිටීම් 0 සහ 1 ඉලක්කම් වලින් නිරූපණය වන අතර නිශ්චිත හා නියත DC (සෘජු ධාරා) වෝල්ටීයතා මගින් සම්ප්‍රේෂණය වේ.

Non Return to Zero-Level NRZL

+ නියත වෝල්ටීයතාවයක් එක් ද්විමය අගයක් නිරූපණය කරන අතර - නියත වෝල්ටීයතාවයක් අනෙක නියෝජනය කරයි.

1 -> high signal;
 0 -> low signal


ශූණ්‍යයට නැවත පැමිණීම(RZ) සාමාන්‍යයෙන්, සංඥාවක් මාධ්‍යක් හරහා යැවීමට මුල් කාලයේ භාවිතා කලද ඒය ප්‍රායෝගික නොවේ. ඒයට හේතුව වන්නේ, කේබලයක් හරහා යවන විට, ප්‍රතිරෝධය, ධාරිතාව සහ ප්‍රේරණය වැනි ගුණාංග සංඥාවට බාදා පැමිනවීමයි ඒමනිසා සංඥාවේ වෝල්ටීයතාව ශුන්‍යයට ආපසු යැවීම දුෂ්කර කරයි. NRZI, ආපසු නොඑන ශුන්‍ය ප්‍රතිලෝම සොයා ගන්නා ලද්දේ එබැවිනි.

NRZI (Non-Return-to-Zero Inverted)

මෙහිදී ද්වීමය 1 හිදී පමණක් වෝටීයතා වෙනසක් සිදු වේ ද්වීමය 0 විට කිසිදු වෙනසක් සිදු නොවේ .

1 -> සංක්‍රමණයක් සිදු වේ
 0-> සංඥාව එලෙසම පවතී


 

RZ: Return to Zero


එය අගයන් තුනක් භාවිතා කරයි +, - සහ ශුන්‍ය.  RZ හි සංඥා වෙනස් වන්නේ බිටු අතර නොව එක් එක් බිටු අතරතුරය. RZ හි, එක් එක් කාල සීමාව මැදදී සංඥාව ශුන්‍යයට නැවත පැමිණේ. බිට් 1 නිරූපණය කරන්නේ + සිට ශුන්‍යය සහ 0 නිරූපණය කරන්නේ - සිට ශූන්‍ය ලෙසය .


Biphase Encoding

එහි සංඥාව ශුන්‍යයට නොපැමිණෙන අතර එය ප්‍රතිවිරුද්ධ ධ්‍රැවීයතාවයට අඛණ්ඩව ගමන් කරන අතර එක් එක් බිටු වල මැද සිට සමමුහුර්තකරණය වේ.
එය වර්ග දෙකකි:
1. Manchester
2. Differential Manchester

මැන්චෙස්ටර් ආකේතනය (Manchester encoding)

ඒක් බිටුවක් සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය වන කාලය සමාන කොටස් 2කට බෙදා ආකේතනය සිදු කිරීම මැන්චෙස්ටර් ආකේතනයයි. ඒම බෙදාගත්  කාල කොටස් 2න් පළමු කාල කොටස ඉහල වෝල්ටීයතාවක්ද දෙවන කොටස පහළ වෝල්ටීයතිවකින්ද සංඥාව සැකසීම සිදු කරයි.


සමමුහුර්තකරණය (Synchronization)

vදත්ත ග්‍රාහකයා ‌වෙත ලැබෙන සෑම දත්ත ඒකකයකම ආරම්භක බිටුව හා අවසාන බිටුව දත්ත ග්‍රාහකයා විසින් නිවැරදිව තේරුම් ගැනීම නිවැරදි දත්ත සන්නිවේදනය සඳහා වැදගත්වේ.

vමෙම ලක්ෂණය පණිවුඩයේ අන්නතර්ගත කිරීම සමමුහුර්තකරණය ලෙස හැඳින්නවේ.



                                              ------------------------******End****--------------------------------



No comments:

Post a Comment

Thank You..