ස්ථාන දෙකක් අතර දත්ත සන්නිවේදනය කිරීමේදී භාවිතා කරනුයේ විද්්‍යුත් තරංග වේ. විදුලිය ගමන්
කරන්නේ කම්බි හරහාය දත්තයක් විද්්‍යුත් තරංගයක් බවට පත් කිරීමේ
ආකාර කිහිපයක් පවතී.
ප්‍රතිසම සංඥා මූර්ජනය(Analog Signal Modulation)
·
විස්තාර මූර්ජනය(Amplitude
Modulation – AM)
·
සංඛ්‍යාංත මූර්ජනය (Frequency
Modulation - FM)
·
අවධි(කලා) මූර්ජනය (Phase Modulation
– PM)
අංකිත සංඥා මූර්ජනය(Digital Signal
Modulation)
·
නියත විස්තාරණ වාහකය (Amplitude Shift
Keying - ASK)
·
සංඛ්‍යාංක විස්තාරණ වාහකය (Frequency Shift Keying - FSK)
·
අවධි විස්තාරණ වාහකය (Phase Shift
Keying – PSK)
ප්‍රතිසම සංඥා මූර්ජනය(Analog Signal
Modulation)
විස්තාර මූර්ජනය(Amplitude Modulation – AM)
ආදාන තරංගයේ විස්තාරය අනුව වාහක තරංගයේ
විස්තාරය වෙනස් කිරීමේ මූර්ජන ආකාරය විස්තාර මූර්ජනය (AM-Amplitude Modulation)ලෙස හඳුන්වනු ලැබේ. මූර්ජනය ලොවට හඳුන්වා දුන්නේ විස්තාර
මූර්ජනය සමගිනි. 1870 අවධියේදී මුල්වරට දුරකතන යොදා ගනිමින්
සාර්ථකව පැහැදිලි හඩක් ප්‍රචාරය කර ගැනීමට හැකිවීම මෙම තාක්ෂණයේ සංවර්ධනයට මං පෙත්
එලි කලේය. 1915න් පසුව විද්‍යුත් චුම්භක තරංග මගින්
ශබ්දය විකාශනය කිරීම ඇරඹුනේ විස්තාර මූර්ජනය යොදා ගනිමිනි. ඉතා පහසුවෙන් මූර්ජනය සහ විමූර්ජනය කල
හැකි වීම මෙම ආකාරය වඩාත් ප්‍රචලිත වීමට බලපෑ ප්‍රධාන සාධකයයි.
සංඛ්‍යාංත මූර්ජනය (Frequency Modulation - FM)
අවධි(කලා) මූර්ජනය (Phase Modulation – PM)
ආදාන තරංගයේ ලක්ශණ අනුව වාහක තරංගයේ කලාව වෙනස් කිරීමේ මූර්ජන ආකාරය කලා
මූර්ජනය (PM-Phase
Modulation)ලෙස හඳුන්වනු ලැබේ.
ආංකිත දත්ත සම්ප්‍රේෂණය
ආංකිත දත්ත සම්ප්‍රේෂණ මාද්‍ය තුලට යොමු
කිරීම ආංකිත දත්ත සම්ප්‍රේෂණය ලෙස හැදින් වේ. මෙය ආකිර 03ක් යටතේ සිදු කරනු ලැබේ.
01.විස්තාර සීරු මාරුව-Amplitude shift keying(ASK)
02.සංඛ්‍යාත සීරුමාරුව-Frequency shift
keying(FSK)
03.කලා සීරුමාරුව-Phase shift keying(PSK)
විස්තාර සීරු මාරුව-Amplitude shift keying(ASK)
සම්ප්‍රේෂණ මාධ්‍යයට යොමු කරන තරංගයේ 0 ට
අදාල ස්ථානයෙහි උස අඩු කිරීම සහ 1 ට අදාල ස්ථානයන්හි උස වැඩි කිරීම මගින් විස්තාර
සීරු මාරු ක්‍රමයේදී සම්ප්‍රේෂණ තරංගයෙහි හැඩය සකසනු ලැබේ.
මෙහිදී ආදාන
සංඥා දෙකක් අවශ්‍ය වේ, පළමු ආදානය ද්විමය අනුක්‍රමික සංඥාවක්
වන අතර දෙවන ආදානය වාහක සංඥාව වේ. මෙහිදී අප
සැමවිටම සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ වාහක සංඥාව වන දෙවන ආදානය ආදාන ද්විමය
අනුක්‍රමික සංඥාවට වඩා විස්තාරය / වෝල්ටීයතා පරාසයක් ඇති තරංගයක් වීමයි.
ඉහළ ලක්ෂණ
සහිත වාහක සංඥාව තෝරා ගැනීමට හේතුව
උදාහරණයක් ලෙස, ඔබට යම් ස්ථානයකට යාමට අවශ්‍ය නම් ප්‍රවාහන
කටයුතු සඳහා බස් රථය තෝරා ගත හැකිය. ඔබ ඔබේ ගමනාන්තයට ළඟා වූ පසු ඔබ බසයෙන්
පිටතට පැමිණේ. මෙන්න ඔබ ඔබේ ගමනාන්තයට ළඟා වූ විට ඔබ
ගමනාන්තයට ළඟා වීමට උදව් කළ බස් රථය ගැන සලකා බලන්නේ නැත. ඔබ බස් රථය භාවිතා කරන්නේ මාධ්‍යයක් සඳහා
පමණි. එබැවින්, මොඩියුලේෂන් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම
සඳහා, ආදාන ද්විමය
අනුක්‍රමික සංඥාව වාහක සංඥාව භාවිතා කර එහි ගමනාන්ත ස්ථානයට ළඟා වේ.
මෙහිදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් නම්, වාහක සංඥාව විස්තාරය ආදාන ද්විමය
සංඥාව විස්තාරයට වඩා වැඩි විය යුතුය. වාහක විස්තාර පරාසය තුළ අපි ද්විමය ආදාන සංඥාව විස්තාරය
මොඩියුලේට් කිරීමට යන්නෙමු. වාහක සංඥාව විස්තාරය ආදාන ද්විමය සංඥාව වෝල්ටීයතාවයට වඩා අඩු නම්, එවැනි සංයෝජන මොඩියුලේෂන් ක්‍රියාවලිය
අධික ලෙස මොඩියුලේෂණය හා මොඩියුලේෂන් බලපෑම් යටතේ සිදු වේ. එබැවින්
පරිපූර්ණ මොඩියුලේෂන් ලබා ගැනීම සඳහා තනි ආදාන ද්විමය සංඥාව වට වඩා විස්තාරණ
පරාසයක් තිබිය යුතුය.
සංඛ්‍යාත සීරුමාරුව-Frequency shift
keying(FSK)
මෙහිදී සිදු කරනු ලබන්නේ යොමු කරන ආංකිත තරංගයේ
බිටු 1 ට ආල ස්ථානයන්හි තරංග ප්‍රමාණය සැඩි කිරීමත් බිටු 0 ට අදාල ස්ථානයන්හි තරංග
ප්‍රමාණය අඩු කිරීම මගින් සම්ප්‍රේෂණ තරංගයේ හැඩය සකසනු ලැබේ.
කලා සීරුමාරුව-Phase shift keying(PSK)
මෙහිදී සම්ප්‍රේෂණ මාධ්‍ය වෙත යොමු කරන
තරංගයේ බිටු 1 ට අදාල ස්ථානයන්හි තරංගය අංශක 180 ටක කෝණයකට පරිවර්තනය වීමත් බිටු 0
ට අදාල ස්ථානයන්හි තරංගය අංශක 0 ක කෝණයක් ලෙස සැකසීමයි.
No comments:
Post a Comment
Thank You..