Monday, July 13, 2020

1 පාඩම-දත්ත සහ තොරතුරු නිර්මාණය බෙදා හැරීම සහ කළමනාකරණය සදහා තාක්ෂණයේ අවශ්‍යතාව

එදිනෙදා ජීවිතයේදී තොරතුරුවල වැදගත්කම

  • තීරණ ගැනීමේ කාර්ය්‍ය සදහා(Decision making)
  • ප්‍රතිපත්ති සම්පාදනය සදහා
  • අනාවැකි පලකිරීම
  • සැලසුම් කිරීම  සහ අධීක්ෂණ


තාක්ෂණික සහ සමාජීය දියුණුවත් සමඟ අපගේ අවශ්‍යතා ද වැඩිවී මෙන්ම සංකීර්ණ වී ද තිබේ. අතීතයේදී මිනිසා කටයුතු කරන ලද්දේ තම ප්‍රදේශයේ වෙසෙන අනෙක් ජනතාව සමඟ පමණි. එහෙත් දැන් අපි පුළුල් සමාජයක් සමඟ කටයුතු කරන්නෙමු. අන්තර්ජාලය හරහා රට රටවල් අතරද ගනුදෙනු කරන්නන් වෙමු. මේ වැඩවලදී නොයෙක් තොරතුරු අවශ්‍ය වේ. එනිසා දැන් තීරණ ගැනීම වඩාත් සාර්ථක කර ගන්නට අවශ්‍ය තොරතුරු ඉක්මනින් සහ නිවැරදිව ලබාගත යුතුව තිබේ. මෙසේ නිතර අවශ්‍ය වෙන තොරතුරු මාදිලි මෙසේය.
  • රැකියාවල වෘත්තීය කටයුතුවලට අදාළ තීරණ ගන්නට අවශ්‍ය තොරතුරු
  • අසනීපවලට ප්‍රතිකාර ගන්නට අවශ්‍ය වෛද්‍යවරු සහ රෝහල් පිළිබඳ තොරතුරු
  • භාණ්ඩ මිලට ගන්නට අවශ්‍ය වෙළෙඳ පොළ තොරතුරු
  • ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික තොරතුරු
  • ගමනා ගමනය සඳහා ගුවන් සහ දුම්රිය ටිකට්පත් වෙන්කර ගැනීම, වාහන තදබදය දන ගැනීම වැනි තොරතුරු
  • කාලගුණික තොරතුරු
  • විනෝදාත්මක කටයුතු සඳහා චිත්‍රපට, නාට්‍ය ආදිය ප්‍රදර්ශන අදාළ තොරතුරු
  • පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා පුරාවස්තු සහ සෙල් ලිපි වැනි දේ පිළිබඳ තොරතුරු
 මෙම තොරතුරු ලබා ගන්නට නවීන මිනිසාට තොරතුරු තාක්ෂනය විශාල වශයෙන් පහසුකම් සලසා දේ. ඊට නිදසුන් කීපයක් මෙසේය.
  • රැකියාවල වෘත්තීය කටයුතුවලට අදාළ තීරණ ගන්නට වීඩියෝ සංවාද පැවැත්වීම, ඊමේල් වැනි සේවා ඔස්සේ තොරතුරු හුවමාරු කිරීම කළ හැක.
  • අන්තර්ජාලය හරහා වෙළෙඳ පොළ තොරතුරු ලබා ගෙන ඒවා ඔස්සේ මාර්ගස්ථ ව (online) භාණ්ඩ මිලදී ගැනීම් කළ හැක.
  • බැංකු, රක්ෂණ සහ ලීසිං වැනි සේවාවන්වලට අදාළ තොරතුරු අන්තර්ජාලය හෝ දුරකථන මගින් ලබාගෙන එම සේවා කරගත හැක.
  • වෛද්‍යවරු හමුවීමට වේලාව වෙන් කර ගැනීම, වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමට වේලාව වෙන් කා ගැනීම වැනි වැඩ කර ගන්නට මෙන්ම අන්තර්ජාලය සහ දුරකථන භාවිතා කළ හැක.


දත්ත සංචාලනය / හැසිරවීම (Data Manipulation)


දත්ත වල ස්වරූපය වෙනස් කිරීම හෝ පැරණි දත්ත භාවිතයෙන් නව දත්ත නිර්මාණය කිරීම දත්ත සංචාලනයයි.මෙහිදී එකතු කිරීම්, අඩු කිරීම්, ගුණ කිරීම් සහ බෙදීම් වැනි ගණිතමය ක්‍රියාකාරකම් (Arithmetic Operations) සිදු කරනු ලැබේ. තවද දත්ත අනුපෙළිවෙලට සැක්සීම (Sort) එනම් ආරෝහණ (Ascending Order) ආකාරයට හෝ අවරෝහණ (Descending Order) ආකාරයට සැකසීමද සිදු කළ හැකිවේ. වර්තමානයේ මෙම කාර්යය සඳහා විද්‍යුත් පැතුරුම්පත් (Electronic Spreadsheets) භාවිතා කරයි. මේවා මගින් ඉතාම පහසුවෙන් දත්ත සැකසීම, අනුපිළිවෙලට සකස් කිරීම සහ නිවැරදිව ගණනය කිරීම කටයුතු සිදු කල හැකිය.







No comments:

Post a Comment

Thank You..