දත්ත ප්‍රමාණාත්මක (Quantitative) හා ගුණාත්මක (Qualitative) ලෙස වර්ගීකරණය කරනු ලැබේ.
සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත්
කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත ලෙස හැඳින්වේ. මේවා
01.එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම වැනි අංක ගණිතමය ක්‍රියා කළ හැක.
02.සංඛ්‍යාත්මකව අනු පිළිවෙළට සැකසිය හැක අනුපිළිවෙලකට(ආරෝහණ - Ascending Order සහ අවරෝහණ - Descending
Order) සැකසිය හැකිය.
03.සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැක.
සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි දත්තයි.
- හැඩය
- පාට
- ශබ්දය මේ සඳහා උදාහරණ වේ
දත්ත සැකසීම (Data Processing)
සංඛ්‍යාත්මක දත්ත (numerical data) සමූහයක් විවිධ ආකාර වලින් සැකසීමට (Process) හැක. එම ආකාර වලින් කිහිපයක් පහත දැක්වේ.
1. අංක ගණිතමය සැකසීම (Arithmetical process)
2. දත්ත සංවිධානය (Organizing)
3. සංඛ්‍යාලේඛන සැකසීම (statistical)
ඉහත සඳහන් සැකසීම් ආකාර ප‍්‍රධාන විධි දෙආකාරයකට කරගත හැක. ඒවා නම්, අතින් සිදු කිරීම (manual) සහ තාක්‍ෂණික (technical) අයුරින් සැකසීමයි. දත්ත සැකසීමට තාක්‍ෂණය යොදා ගැනීමෙන් එය ඉතා වේගවත්, නිරවද්‍ය සහ වඩා විශ්වාසදායී අයුරින් සිදුකර ගත හැක.
දත්ත වලට එරෙහිව තොරතුරු(Data Vs Imfomation)
දත්ත “අවිධිමත් අර්ථ රහිත
අසංවිධිත අංග සමුහයක් ” ලෙස
නිර්වචනය කර හැකියි. සරල ලෙස මූලික අර්ථයෙන් ලබාදෙන (sourceformat) සකස් කිරීමකට භාජනය නොකළ කරුණු (facts) ,සංඛ්‍යා (numbers) , රූප (images)
සහ
මිනුම් (measures)සැලකිය
හැක . දත්ත ප්‍රධාන වශයෙන් ,ලිඛිත (Text),ශ්‍රව්‍ය
(Audio ), දෘශය(Video) මෙන්ම ,ප්‍රමාණාත්මක(qualitative)
හා
ගුණාත්මක ලෙසත් වර්ගකල දැක්විය හැක.
අප අවට
පරිසරයේ සුවිශාල
දත්ත සමභාරයෙන් පවතින
අතරම නිර්මාණය ද වේ .(උදා: කාළගුණික වෙනස් වීම්
වලට අදාල දත්ත). නමුත්, නුතන මිනිසා එම දත්ත වලින්
සාර්ථක ලෙස තොරතුරු උකහා
ගනීද යන්න සැකසහිතය .එසේ වුවත් ,මේරු ,කුහුබුවන් ,කවුඩන් ආදී විවිධ
සතුන්ගේ විවිධ හැසිරීම රටා නිරීක්ෂණය කරන ලද පැරැන්නෝ ,පාරිසරික වෙනස් වීම් ,කාලගුණික වෙනස් වීම්
ගැන කල්තියා නිගමනය කර, සුදුසු
ක්‍රියාමාර්ග වලට එලබිමටත් අතිශය සමර්තයෝ විය.
වර්තමානයේ
කලබලකාරී ජීවන රටාව තුල , අපි
දත්ත ලෙස සැලකිය හැකි සතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් කොතෙකුත් දුටුවත් ,එමගින් වැදගත් තොරතුරක්
උකහා ගැනීමට සැලකිලිමත් වන්නේ ,ඉතාමත් අවම වශයෙන්. 2004
වර්ෂයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි අවස්ථාවේදී සතුන්ගේ හැසිරීම මෙයට එක් උදාහරණයක්
පමණි.
පරිගණකයේ සුවිශේෂී දියුණුවත් සමගම දත්ත
උකහා ගැනීම හා තොරතුරැ බවට සැකසීම කාර්යක්ෂම වු අතරම , අන්තර්ජාලයේ(Internet) හා විශ්ව විසිරි වියමන(World Wide Web) අති විශාල දත්ත ප්‍රමානයක් දෛනිකව
නිර්මාණය කරමින් පවතී . විශ්ව විසිරි වියමනේ පවතින විවිධ වෙබ් අඩවි හා විවිධ සමාජ
ජාල තුල භාවිතා කරන්නන් එහි සිදු කරන ක්‍රියාකාරකම් මෙයට මුලික වශයෙන් පාදක වේ .තොරතුරැ තාක්ෂණයේ දියුණුවත් සමගම ,වෙළඳ
සමාගම් මෙලෙස එක්රැස් වන දත්ත, නව අවශ්‍යතා හදුනා ගැනීමට , නව
නිෂ්පාදන හදුන්වාදීමට ,අත්හදාබැලීමට ,තරගකරුවන් සුවිශේෂිතා හා දුර්වලතා
හදුනාගැනීමට යොදාගනී.මෙලෙස එකරැස් කල තොරතුරු හෝ තොරතුරු
තාක්ෂණයට අත්පොත් තබන්නෙක් ලෙස මෙහිදී අවධාරනය කරගත යුත් කාරණාවක් වන්නේ , තොරතුරක ස්වභාවය, ප්‍රොයෝජනවත් බව හා
අර්ථ දක්වන ආකාරය, එය අවශ්‍ය
කරන්නාගේ හෝ භාවිතා කරන්නා මත
රඳාපවතින බවයි .මේ අවබෝධයත් සමග අප
තොරතුරක අර්ථ දැක්වීම වෙත යොමු වෙමු.
අදාල
පුද්ගලයකුට අර්ථවත් වන සේ සකස් කරන ලද දත්ත තොරතුරු නම් වේ.
පරිගණකයට
දත්ත ආදානය (Input) කරනු ලැබේ. එසේ ආදානය කරනු ලබන දත්ත (Data)
එහි මතකයේ ගබඩා කළ ක්‍රමලේඛනයක් (Program)
යටතේ සකසා
අර්ථවත් තොරතුරු (Information) බවට පත් කෙරේ. මෙය දත්ත සැකසීම (Process)
ලෙස හැඳින්වේ. අවසානයේ දී , පරිගණකයට ආදානය කළ දත්ත සැකසීමෙන් පසු තොරතුරු ලෙස ප්‍රතිදානය
(Output) කරයි.
No comments:
Post a Comment
Thank You..