Monday, July 13, 2020

1 පාඩම - Cloud Computing

පරිගණක ඡාල සහ අන්තර් ඡාලය බිහිවීම


තොරතුරු සන්නිවේදනයේ දියුණුවත් සමග අපට ලැබුණු මහත් දායාදයකි අන්තර් ඡාලය. වර්තමානය වන  විට තොරතුරු සන්නිවේදනය කරන වේගවත්ම මාධ්‍ය අන්තර්ඡාලයි. මුල් කාලයේදී එක් පරිගනකයක ඇති දත්ත තවත් පරිගණකයක ඇති දත්ත තවත් පරිගණකයකට සන්නිවේදනය කර ගැනීමට විවිධාකාරයේ පරීක්ෂණ වල නිරත විය. එහි ප්‍රතිළුලයක් වශයෙන් 1960දී ඡේ.සී.ආර් ලීක්ලීඩර්(J.C.R Liklider) හා රොබඩ් ඩබ්. ටේලර්(Robert W. Teiler) යන දෙදෙනා විසින්  අන්තර් ඡාලය පිළිබද සංකල්පයක් මුලින්ම ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පරිගනකයක ඇති දත්ත තවත් පරිගණකයක් වෙත සංප්‍රේෂණය කිරීමට  ARPANET නමින් ව්‍යාපෘතියක්  ආරම්භ කරන ලදී. එහි ප්‍රතිළුලය අන්තර්ඡාලය බිහි වීමයි. එහි අද ප්‍රතිළුලය මුලු ලෝකයම විශ්ව ගම්මානයක් වීමයි.

වළාකුළු පරිගණක සංකල්පය(Cloud Computing)

තොරතුරු තාක්ෂණික සේවාවන් හා මෙවලම්වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍වේශවීමේ ක්‍රමයක් ලෙසින් ‘‘Cloud Computing” යන්න හැඳින්විය හැකිය. තවත් සරලව කියනවනම්, මෙහිදී අපට අවස්ථාව ලැ‍බෙනවා ලෝකයේ තිබෙන සෑම Application එකක් ම වගේ install කරලා තියෙන Server computer machine එකකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අපට අවශ්‍ය Application එක තෝරාගැනීම මගින් අපට අවශ්‍ය කාර්යය කර ගැනීමට. අවශ්‍ය වෙන්නෙ වෙබ් අතරීක්සුවක් (Web browser) සහිත පරිගණකයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවක් පමණයි.


ඇයි මේ සේවාවට ‘‘Cloud Computing” කියන්නෙ?

 අවශ්‍ය මෘදුකාංග සියල්ල තැන්පත් කරලා තියෙන්නේ, අන්තර්ජාලයට සම්බන්ධ Server computer machine එකක නිසාඅවශ්‍ය කාර්යය කිරීමට අදාළ මෘදුකාංග අපේ පරිගණකය තුළ install කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ ම අවශ්‍ය කාර්යය අපේ පරිගණකයෙන් සිදුකර එම දත්ත හා තොරතුරු Server computer machine එක තුළම තැන්පත් කරන්නත් පුළුවන්. පසුව එම දත්තවලට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සබඳතාවයක් සහිත පරිගණයක් ඔස්සේ ප්‍රවේශ විය හැකිය. එසේම මෙම පහසුකම සක්‍රිය කරගැනීමට කළ යුත්තේ තුන්වන පාර්ශවීය සේවා සපයන්නෙකුගෙන් සුළු මුදලක් ගෙවා සේවාව ලබා ගැනීමයි. එමගින් ජාලයේ තිබෙන සියලු සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හැකි සේවාවක් ලැබෙන අතර ගෙවීමට සිදුවන්නේ අප පරිහරණය කරන සෙවාවන්වලට පමණි.

‘‘Cloud Computing” සම්භවය

මෙය මුල් වරට ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය.නිදහස් සහ විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයලබා දෙයි. ‘‘Cloud” යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ දුරකථන ක්‍රමයක් හෙවත් දුරකථනයක් (Telephone)යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන තුරු දත්ත හුවමාරුව සිදු වූයේ රැහැන් සම්බන්ධතාවන් මගිනි. පසු කාලීනව විවිධ දුරකථන සමාගම් රැහැන් රහිත පරිගණක ජාල ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය, Virtual Private Network(VPN) ලෙස හඳුන්වයි. එය භාවිතයෙන් පරිගණක ජාලය තුළ තදබදය(Traffic) අවම වූ අතර තොරතුරු හුවමාරුව පහසු විය. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ John McCarthy විසිනි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ෂයේ ය. ATM කරලියට පැමිණීමත් සමග . ඉන් අනතුරුව 2007 වර්ෂයේදී Google සහ IBM සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

වළාකුළු පරිගණක සංකල්පයේ ලක්ෂණ

       ü  ඕනෑම ස්ථානයක සිට දත්ත හා සේවාවන් හා සම්බන්ද වීමේ හැකියාව.
       ü  විශ්වාසනීයත්වය.
       ü  ලොව පුරා සීග්‍ර වර්ධනය
       ü  පුද්ගලික පරිගනක වල ගබඩා කර ඇති නිසා ඉහල ආරක්ෂාව.
ü  අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව 
ü  ඕනෑම තැනක සිට ජාලය පරිශීලනය
ü  සම්පත් ගොනුව
ü  සීඝ්‍රෙයන් වර්ධනය වන නම්‍යත්වය 
ü  පරිහරණය අනුව ගෙවීම් කළ හැකි වීම. 
ü  ස්ථාන යෙදවුම් වලින් ස්වාධීන වීම.
ü  අතාත්වික බව 
ü  විශ්වාසනීයත්වය 
ü  නඩත්තුව 
ü  ක්‍රියාකාරී බව හා කාර්යක්ෂම බව.
Cloud Computing හි සංරචක මොනවාද?

ü  සේවා ලාභී පරිගණක(Client Computers)
ü  සේවා සැපයුම් පරිගණක( Distributed servers)
ü  දත්ත මධ්‍යස්ථාන(Data center)

වළාකුළු පරිගණක සංකල්පය මගින් ඉටු කෙරෙන ප්‍රධාන සේවා

සේවාවක් වශයෙන් මෘදුකාංග(Software as a Service-SaaS)

- SaaSඅවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව, එසේත් නැතිනම් පරිශීලකයා සමග සෘජුවම සම්බන්ධ වන මෘදුකාංග, ‍මෙහෙයුම් පද්ධති(Operating system), පරිගණක ජාල ආදිය සහිත අතුරු මුහුණත ලෙස හඳුන්වයි.
 - ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකයක් හරහා, අමතර මෘදුකාංග හෝ දෘඩාංග රහිතව Cloud Computing හි මෘදුකාංග පරිශීලනය කරන්න මෙම ආකෘතියෙන් පුළුවන්. උදා- Gmail, Facebook….
  
සේවාවක් වශයෙන් වේදිකාව (Platform as a Service-PaaS)

 - මෙම සේවා ආකෘතිය මගින් මෙහෙයුම් පද්ධති (Operating system), පරිගණක වැඩසටහන් භාෂා (Programing language)හා ආශ්‍රිත තත්ව, පරිගණක ජාල සපයන නමුත් මෘදුකාංග නම් සපයන්නේ නැහැ. නමුත් අවශ්‍ය මෘදුකාංග අපිට නිර්මාණය කරන්න වටපිටාව එමගින් සලසා දෙනවා. එනම් යෙදවුම් වැඩසටහන් අතුරු මුහුණතක් සපයනවා.
 - අඩු වියදමකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන් නිසා, පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට මෙම ආකෘතිය වඩාත් ගැලපෙනවා. උදා- Google engine,force.com

 සේවාවක් වශයෙන් යටිතල ව්‍යුහය(Infrastructure as a service-IaaS)

 - මෙම සේවා ආකෘතිය මගින් සපයනු ලබන්නේ පරිගණක දෘඩාංග(Hardware) සහිත ජාලකරණ පහසුකම පමණයි.
 - එහිදී අපට අවශ්‍ය වැඩසටහන් , මෘදුකාංග ක්‍රියාත්මක කරීම සඳහා අන්තර්ජාලය හරහා පරිගණක දෘඩාංග පරිහරණය කරන්න අපිට පුළුවන්. උදා- amazon web services , at &t



 Cloud Computing හි අවාසි
ü  Cloud Computing හි ප්‍රධානම අවාසිය එය අන්තර්ජාලය මත පදනම් වීමයි.
ü  අන්තර්ජාල සහසුකම් සපයා ගැනීමට අපහසු අයෙකුට Cloud Computing යනු සිහිනයක් පමණයි.
ü  තොරතුරු-කුලේන්ද්‍රි මන්තානි


No comments:

Post a Comment

Thank You..