ඉතිහාසය-
PSTN
හි ඉතිහාසය ආරම්භ වන්නේ 1875 දී ඇමරිකානු ඇලෙක්සැන්ඩර් බෙල් විසින්
ඇමරිකානු බෙල් දුරකථන සමාගම පිහිටුවීමත් සමඟ ය. වසරකට පසුව, මාධ්‍යක් හරහා පළමු හඩ සම්ප්‍රේෂණය සදහා සඳහා ඔහු පේටන්ට් බලපත්ර ලබා ගත්තේය.
පළමු සම්ප්‍රේෂණය
සදහා ring-down circuit ඒකක් භාවිතා
කළේය, එයින් අදහස් කරන්නේ ඔබට අංක ඇමතිය නොහැකි
බවයි. උපාංග දෙකක් අතර භෞතික වයර් දෙකක් සම්බන්ධ කරන ලදී. පසුව දෙදෙනාටම කතා කළ
හැකි ලෙස බෙල් මෙය සංවර්ධනය කරන ලදී නමුත් සෑම දුරකථනයක් සදහාම වෙන වෙනම වයර්
ඇදීමට සිදු විය. නමුත් මෙය වඩා කාර්්‍යක්ෂම නොවීය. ඒමනිසා සෘජු සම්බන්ධතාවයකින් තොරව
ඕනෑම දුරකථනයක් වෙනත් ස්ථානයක සිට හැසිරවීමට හැකි ක්‍රමයක් වෙත පැමිණීමට බෙල්
උත්සහා කලේය. ප්‍රථිළුලය ලෙස ස්විච දුරකථන ක්‍රමය සොයා ගැනුණි. මෙමගින් ඒක් වයරයකට
සියළු සම්බන්ධතා සවිකොට ඒක් ස්ථානයක සිට ක්‍රියා කරවිය හැකි විය.
PSTN
යනු පොදු ස්විච් දුරකථන ජාලයයි
- ඇනලොග් හා voice දත්ත රැගෙන යාම සඳහා තඹ වයර් භාවිතා කරයි
- 1800 ගණන්වල අග භාගයේ සිට ක්‍රියාකාරීව භාවිතා කර ඇත
- PSTN දුරකථන තවමත් සම්මත සන්නිවේදනයක් ලෙස පිළිගනු ලැබේ
- ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් වයර් හරහා පළමු හ voice සම්ප්‍රේෂණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය
- වොයිස් ඕවර් ඉන්ටර්නෙට් ප්‍රොටොකෝලය (VoIP) හි අඩිතාලම දැමීය.
මුලින්ම
නිවසකට සම්බන්ධ වන්නේ නිවස ආසන්නයේම සම්බන්ධ කර ඇති DP නැමැති උපාංගය හරහාය
ඒමගින් දුරකථන 10කට පමණ සබදතා ලබා දිය හැකිය. පසුව DP ඒක පොළොව යටින් ගෙන ගොස් Cabinet ඒකට සම්බන්ධ වේ Cabinet ඒකකට DP ගණනාවකින් ලබා
දී ඇති දුරකථන 200ක් පමණ සම්බන්ධ වේ. ඉන්පසු MDF(main distribution frame) ඒක හරහා පුධාන හුවමාරු
ඒ්කකය හා සම්බන්ධ වේ. හුවමාරු ඒ්කක ගණනාවක් ඒකතු වී දුරකථන ඡාලය නිර්මාණය වී ඇත.
දුරකථන ඡාලයක
හඩ සදහා 300 Hz to 3300 Hz bandwidth ඒකක් භාවිතා කරයි
දත්ත සදහා 600 Hz to 3000 Hz bandwidth ඒකක් භාවිතා කරයි. PSTN සංඥා ඇනලොග් ස්වභාවයක් ඇති බැවින් දත්ත
සන්නිවේදන මොඩමයක් අවශ්‍ය වේ. සංඥා
සන්නිවේදන මාධ්‍යයට යොමු කරන විට Digital to
analog මොඩමයක්ද දත්ත නැවත ලබා ගැනීමේදී Analog to digital මොඩමයක්ද
භාවිතා කල යුතුය.
ඡාලයකට බහු
උපාංග සම්බන්ධ කිරීම
ඡාල ස්ඵලකය
ඡාලයක්
නිර්මාණය කිරීමේදී භෞතික වශයෙන් උපාංග සම්බන්ධ කෙරෙන ආකාරය ඡාල ස්ඵලකය ලෙස
හැදින්වේ. මෙම ක්‍රමවේද කිහිපයකි,
- Star Topology - තාරකා
ආකාර පරිගණක ජාල
- Ring Topology - වලලු ආකාර
පරිගණක ජාල
- Bus Topology - බස්
ආකාරයේ පරිගණක ජාල
- Tree Topology - ගසක් ආකාරයේ
පරිගණක ජාල
- Mesh Topology - දැලක
ආකාරයේ පරිගණක ජාල
- Hybrid Topology - දෙමුහුම්
ආකාර පරිගණක ජාල
Star
Topology - තාරකා ආකාර පරිගණක ජාල
මෙවැනි පරිගණක
ජාල වලට සැම විටම පරිගණක එක කෙන්ද්‍රයක් සමග සම්බන්ද වෙන්නේ. මේ එක කෙන්ද්‍රයක්
කියන්නේ, මධ්‍යයේ Hub එකක් හෝ Switch එකක් එකක් තබා තරුවක් ආකාරයට
(හැඩය නොවේ) අනෙකුත්
සියළුම පරිගණක එයට සම්බන්ද කර සැදූ ජාලයක්.
මේ ක්‍රමයේදී
අපිට ඉතාමත් පහසුවෙන් තවත් device
එකක් මේ network එකට සම්බන්ධ කරන්න හරි, මේකෙන් ඉවත්
කරන්න හරි පුළුවන්. ඒ වගේම network එකේ තියෙන අනිත්
පරිගණක වල දෝශයන් නිසා මුළු network එකටම බළපෑමක් ඇති වෙන්නෙත්
නෑ.
ඒත් සම්බන්ධ
වෙන devices ප්‍රමාණය වැඩි
වෙන්න, වෙන්නම මැද
තිබෙන device එක upgrade කරන්න යන
වියදම වැඩි වෙනවා. ඒ විදිහට මේ මැද තිබෙන device එකට හැම node (network එකට සම්බන්ධ
වෙලා තිබෙන device) එකක්ම
හසුරුවාගන්න අමාරු නම්,
network එක slow වෙනවා.
ඔයාලට පහල
රුපය බැලුවම හොදටම තේරුම් ගන්න පුලුවන් මේ තාරකා ආකාර ජාලයක් (Star Topology) කියන්නේ මොකක්ද කියලා.
Ring
Topology - වලලු ආකාර පරිගණක ජාල
මෙහිදි සැම
පරිගණකයක්ම තවත් පරිගණක 2ක් සමග
සම්බන්ද වන ආකාරයට පුළුල් ජාලයක් සාදනවා. එවැනි ජාලයකට
තමයි අපි කියන්නේ වලලු ආකාර පරිගණක ජාලක් (Ring Topology) කියලා. මේ topology එක performance අතින් ගත්තත්, ආරක්ෂාව අතින් ගත්තත්
ඒ තරම් හොඳ බවක් නම් පෙන්නුම් කරන්නේ නැහැ.
මෙහිදී දත්ත
ගමන් කරන්නේ network එකේ එක
දිශාවකට පමණයි.
උදාහරණයක් ගත්තොත්, හිතන්න A, B, C කියලා
පිළිවෙලින් පරිගණක 3ක් එකිනෙක
සම්බන්ධ කරලා තියනවා කියලා. මේ ක්‍රමයේදී B කියන පරිගණකයේ
යම්කිසි දෝශයක් හටගත්තොත් A
සහ C අතර තිබෙන සම්බන්ධතාවයටත් බාධාවක් ඇති වෙනවා.
නමුත් මේකට server පරිගණකයක් හෝ
ඒ වගේ වැඩි වියදම් යන උපාංග අවශ්‍යය නොවන නිසා මේක ටිකක් ලාබෙට නිර්මාණය කරගන්න
පුළුවන්.
පහල තියන රුපයෙන් ඔයාලට පොඩි idea එකක් ගන්න පුලුවන් මොකක්ද වලලු ආකාර ජාලයක්
කියන්නේ කියලා
Bus Topology
- බස් ආකාරයේ
පරිගණක ජාල
මෙම ජාලකරණයේ සෑම පරිගණකයක් සහ ජාල උපාංගයක්ම එකම කේබල් එකකට සම්බන්ධ වෙන්නේ. මෙයත් එතරම් සුදුසු ජාලකරන ආකාරයන් (Topology) නොවේ. මොකද කිව්වොත් මේ ජාලකරණයේ සෑම උපාංගයක්ම තනි කේබල් එකකට සම්බන්ද වෙන නිසා, ඒ කෙබල් එකේ කිසියම් දෝශයක් තිබුනොත් මුලු ජාල පද්ධතියම බිඳ වැටීමකට පත් වෙනවා.
මේකට bus network එකක් කියන්න හේතුවක් තියනවා. ඒ කියන්නේ එක node එකකින් (source) යවන data packet එකක්, මුළු network එකේම තියන අනිත් node එකක් ගානේ ගිහින් අහනවා මේ data packet එක අයිති ඔයාටද කියලා. එතකොට ඒක අයිති වෙන (destination) node එකෙන් accept කරනවා, අනෙක් devices වලින් ප්‍රතික්ෂේප කරනවා. හැම node එකක් ගානෙම bus එකක් වගේ නවත්ත නවත්ත යන නිසා තමයි Bus network එකක් කියලා කියන්නේ.
ඒ වගේම තනි cable එකක් හරහා හැම
එකක්ම සම්බන්ධ වෙන නිසා network එකේ performance
වලට වගේම දත්ත
වල ආරක්ෂාවටත් ලොකු බළපෑමක්
ඇති වෙනවා.
Tree Topology - ගසක් ආකාරයේ පරිගණක ජාල
මෙහිදි ජාලයේ තිබෙන සියලුම පරිගණක ගසක ආකාරයට ජාලය
සමග සම්බන්ද වේ. තවත් විදියකට කිව්වොත් මේ ගසක් ආකාරයේ පරිගණක ජාලයේ (Tree Topology) තිබෙන පරිගණක ධූරාවලියක් (hierarchy) ලෙස පිහිටයි. මෙම ජාලකරණ ආකාරය සේවාවන් මධයගත (Centralized)
කල ආයතන සදහා වඩාත්
යොග්‍ය වේ
Mesh Topology - දැලක ආකාරයේ පරිගණක ජාල
දැලක් මෙන් සියළුම හෝ
බොහෝමයක් nodes එකිනෙක සම්බන්ධ කරමින්
නිර්මාණය කරගන්නා network එකකට අපි Mesh Network එකක් කියලා කියන අතරම, මේ වර්ගයේ networks ප්‍රධාන වශයෙන් type දෙකකට අයත් වෙනවා.
Full
mesh topology (සියළුම nodes එකිනෙක සම්බන්ධ
networks)
මේ වර්ගයට අයත් වෙන network එකකදී මුළු network එකට අදාල
සියළුම Nodes එකිනෙකා සමඟ සම්බන්ධ
කර තිබෙන අතර ඕනෑම අවස්ථාවක අතරමැදියෙකු මත depend
නොවී සෘජුවම
අනෙක් node එක සමඟ සම්බන්ධ වීමට
මෙහි තිබෙන ඕනෑම node එකකට හැකියාව තිබෙනවා.
Partial
mesh topology (බොහෝ nodes ප්‍රමාණයක්
එකිනෙක සම්බන්ධ networks)
මේ ඝනයට අයත් වෙන network එකකදී සෑම node එකක්ම අනෙකුත්
සෑම node එකක් සමඟම සම්බන්ධ නොවුවත් අඩුම තරමින් තවත් nodes දෙකකට හෝ තුනකට සම්බන්ධ වී පවතිනවා.
බොහෝ වෙලාවට මේ topology එකට අයත් වෙන network එකකදී එක node එකක් බිඳ වැටෙනවා කියන එක network එකට දැනෙන්නේවත් නැති තරම්. මොකද data packet වලට ගමන් කරන්න තව ඕන තරම් මාර්ග තිබෙන නිසා.
නමුත් මේ වගේ network
එකක් හදන්න යන
මහන්සිය බොහොම වැඩියි. මොකද හැම
එකක්ම එකිනෙක සම්බන්ධ කරන්න
ගතවෙන කාළය, අවශ්‍යය උපාංග ප්‍රමාණය
වැඩි වීම වගේ කරුණු මේකට සෘජුවම
බළපානවා.
Hybrid Topology - දෙමුහුම් ආකාර පරිගණක ජාල
අපි කලින් සඳහන් කරපු topology දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට සම්බන්ධ කර නිර්මාණය කරගන්නා network එකකට අපි කියනවා Hybrid Topology එකක් කියලා.
මෙහිදී තිබෙන වාසි වලින් එකක් තමයි, හිතන්න network
එකේ එක කොටසක
මොනවාහරි දෝෂයක් හටගත්තා කියලා, අපිට පුළුවන් network එකෙන් ඒ කොටස විතරක් වෙන් කරලා අනෙකුත් කොටස් සාමාන්‍යය විදිහට ක්‍රියාත්මක
කරවන්න.
නමුත් මේ වගේ network එකක් හදන්න භාවිතා කරන උපාංග ප්‍රමාණය වැඩි නිසා මේකට ටිකක් වැඩි වියදමක් යනවා වගේම එක එක විදිහේ topology
කිහිපයක් තිබෙන නිසා
සම්පූර්ණ
network එක
ටිකක් සංකීර්ණ වෙනවා.
--------------******End******-------------