Saturday, April 25, 2020

6 පාඩම - දත්ත සන්නිවේදනය

දත්ත සන්නිවේදනය දත්ත සහ තොරතුරු ඒක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙනයාම දත්ත සන්නිවේදනය නම් වේ. තත්පර කිහිපයකින් දත්ත සහ තොරතුරු ඒක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමට තරම් අද වන විට තාක්ෂණය දියුණුව ඇත.

දත්ත සන්නිවේදන පද්ධතියක සංරචක (Components of data communication system)

සම්ප්‍රේෂකය / ප්‍රේෂකයා (Sender / Transmitter)-

පණිවිඩය හෝ දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරනු ලබන තැනැත්තා හෝ උපාංගයයි. මෙය ඉලෙක්ට්‍රොනික / සන්නිවේදන ක්ෂ්‍රේත්‍රයේ දී සම්ප්‍රේෂකය (Transmitter) ලෙස හඳුන්වයි.එහෙත් ප්‍රේෂකයා යනු සැමවිටම දත්ත ආරම්භක ස්ථානය වන අතර සම්ප්‍රේෂකය (Transmitter) යනු අතරමැදිව පිහිටි දත්ත ලබාගෙන සම්ප්‍රේෂණය කරනු ලබන උපකරණයකි. එනම් ප්‍රේෂකයා විසින් තමන් සතු දත්ත පමණක් සන්නිවේදනය කරයි. සම්ප්‍රේෂකය තමන් සතු දත්ත පමණක් නොව තමන් හට ලැබෙන දත්ත ද සම්ප්‍රේෂණය කරයි. උදා: ජංගම දුරකථනයකින් දුරකථන ඇමතුමක් ගැනීමට තැත් කරන තැනැත්තා සම්ප්‍රේෂකයා ලෙස හඳුන්වාදිය හැකිය. 

 දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය (Data Transmission Medium)-

ප්‍රේෂකයාගේ සිට ග්‍රාහකය දක්වා දත්ත හුවමාරු වන මාධ්‍යයයි. මෙම මාධ්‍ය රැහැන් සහිත හෝ රැහැන් රහිත විය හැකියි.උදා: තඹ රැහැන්, අධෝරක්ත කිරණ, සූක්ෂම තරංග

 ග්‍රාහකයා (Receiver)

පණිවිඩය හෝ දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරනු ලබන තැනැත්තා හෝ උපාංගයයි. මෙය ඉලෙක්ට්‍රොනික / සන්නිවේදන ක්ෂ්‍රේත්‍රයේ දී සම්ප්‍රේෂකය (Transmitter) ලෙස හඳුන්වයි.එහෙත් ප්‍රේෂකයා යනු සැමවිටම දත්ත ආරම්භක ස්ථානය වන අතර සම්ප්‍රේෂකය (Transmitter) යනු අතරමැදිව පිහිටි දත්ත ලබාගෙන සම්ප්‍රේෂණය කරනු ලබන උපකරණයකි. එනම් ප්‍රේෂකයා විසින් තමන් සතු දත්ත පමණක් සන්නිවේදනය කරයි. සම්ප්‍රේෂකය තමන් සතු දත්ත පමණක් නොව තමන් හට ලැබෙන දත්ත ද සම්ප්‍රේෂණය කරයි. උදා: ජංගම දුරකථනයකින් දුරකථන ඇමතුමක් ගැනීමට තැත් කරන තැනැත්තා ප්‍රේෂකයා ලෙස හඳුන්වාදිය හැකිය.

No comments:

Post a Comment

Thank You..